සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 93
අන්ත්රානුබද්ධ
නා.ප්‍ර. උණ්ඩුකය; අන්ධාශය (=appendix).
අන්ත්‍රාව
නා. අනතුර; උපද්‍රවය; විපත්තිය; අන්තරාය.
අන්ත්රාශ්මරි
(පාරිභා.) නා.ප්‍ර. අන්ත්රය තුළ සෑදෙන කාබනික ද්‍රව්‍ය, හුණු, බිස්මත් හෝ මැග්නීසියම් ලවණ අන්තර්ගත ගල් විශේෂයක් (=enterolith).
අන්තාක්ෂරය
නා. වචනයක අවසාන අකුර.
අන්තානන්තය
නා. කෙළවරක් ඇති බව හා කෙළවරක් නැති බව.
අන්තානන්තවාදය
නා. අන්තවත් බව හෝ අනන්තවත්බව හෝ පිළිබඳ මතය.
අන්තානන්තික
වි. ලෝකයෙහි ද ආත්මයෙහි ද අන්තවත්බව හෝ අනන්තවත් බව හෝ පිළිබඳ වූ.
අන්තානුනනය
(පාරිභා.) නා. න්‍යෂ්ටි විභාජනයකින් තොර ව වර්ණාංශු ද්විගුණවීමෙන් බහුගුණකතාව ඇතිවීම; අන්තර්භාජනය (=endomitosis).
අන්තාර්තික
වි. දක්ෂිණ ධ්‍රැවීය; ඇන්ටාක්ටික්.
අන්තාවර්තනය
(පාරිභා.) නා. (සත්ව.) නිත්‍ය අරමුණක් ඇති ව කෙරෙන සත්ත්ව චලන (=telotaxis).
අන්තික
වි. කිට්ටු; ළඟ; සමීප; ආසන්න.
අන්තික්රිස්තු
නා.ප්‍ර. ක්‍රිස්තුස් වහන්සේගේ සතුරා; ක්‍රිස්තු විරෝධියා.
අන්තිම
1. වි. අවසානයෙහි වූ.
2. වි. ඉතා ම පහත්; අධම.
අන්තිම කැමති පත්‍රය
නා. (නීති.) කෙනකුගේ දේපළවල අයිතිය තමාගේ මරණින් පසු හිමිවිය යුතු පිළිවෙළ දැක්වෙන ලේඛනය; කෙනකුගේ අන්තිම කැමැත්ත ප්‍රකාශ කළ විධිමත් ලේඛනය.
අන්තිමදේහධාරී
නා.ප්‍ර. අවසාන වරට ශරීරය උසුලන හෙවත් දරන තැනැත්තා; රහතන් වහන්සේ.
අන්තිමසෙය්යාව
නා. අවසාන නින්ද; මරණ මඤ්චකය.
අන්තිරින්ද්රිය
නා.ප්‍ර. (දර්ශන.) මනසට මනසේම අභ්‍යන්තරික ක්‍රියාකාරිත්වය පිළිබඳ පරීක්ෂාවෙන් කල්පනා කළ හැක්කේ යැයි කියනු ලබන පුළුවන්කම (=internal sense).
අන්තුවා
නා.ප්‍ර. අන්තයට ම ගිය තැනැත්තා.
අන්තේවාසිකයා
නා. ආචාර්යවරයකු වෙත වසන්නා; යමකු යටතේ සිටින්නා; ශිෂ්‍යයා; අතවැසියා.
අන්තොටුවා
නා. වෙනත් ආගමික නිකායකට අයත් තැනැත්තා; අන්‍ය ලබ්ධිකයා.
අන්තෝ
අව්‍ය. ඇතූඵ; ආභ්‍යන්තරික; ඇතුළත.
අන්තෝගත
වි. ඇතුළට ගිය; ඇතුළත් වූ; අන්තර්ගත.
අන්තෝජටා
නා.ප්‍ර. ඇතුළත අවුල; තමාගේ පිරිකර, ආත්මභාවය හා ආධ්‍යාත්මිකායතන කෙරෙහි පවත්නා තෘෂ්ණාව සඳහා යෙදේ.
අන්තෝජනයා
නා. (ගෙදර) ඇතුළත ජනයා; ගෙදර උදවිය; පවුලේ අය.