සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 925
නියත මිථ්යාදෘෂ්ටිය
නා. නියම වශයෙන් ම වැරදි දැක්ම; සම්යක් දෘෂ්ටියට ඉඳුරා ප්රතිපක්ෂ මතවාදය.
නියත වේගය
(පාරිභා.) නා. සෑම අවස්ථාවක ම එක ම ප්රමාණයෙන් පවත්නා ධාවනය; අඩු වැඩි නොවී ඒකාකාර ව පවත්නා වේගය. (=constant speed).
නියත හිමිකම
(පාරිභා.) නා. (නීති.) සැකයක් නැති අයිතිය; උරුමකම් කීමට ඇති ස්ථිර වූත් නිසැක වූත් අයිතිවාසිකම (=certain claim).
නියතගාමී
වි. නියත වශයෙන් ම හමා යන; නිශ්චිතගාමී; ඒකාන්ත යෙන් හමන.
නියතය
1. නා. වෙනස් නොවන දෙය; නොවෙනස් වන සාධකය; ස්ථිර දෙය.
2. නා. නියමය; අණ; නියෝගය.
3. නා. තීරණය; තීන්දුව; විනිශ්චය; (ආරවුල්) සංසිඳවීම.
නියතවිවරණය
නා. බෝධිසත්ත්ව කෙනකු ඒකාන්තයෙන් ම මතු බුදු වෙතියි බුදුවරයකු විසින් සම්මුඛයෙහි කරනු ලබන ප්රකාශය.
නියතාන්තර
වි. නොවෙනස් වන අන්තර කාල සීමාවක් ඇති ව සිදුවන; නියත කාලාන්තරයකින් සිද්ධ වන්නාවූ.
නියතාර්ථය
නියතිය
නා. (අභි.) (ගති, ජාති ආදි මගින්) පෙර පසු වීමෙන් සුදුසු හට ගැනීම; හට ගැනීමේ ඒකාන්තබව; ඉදිරියෙහි සිද්ධ විය යුත්ත; නියමය; ඉරණම; දෛවය.
නියතිවාදය
නා. (අභි.) යමක් පූර්වයේ නිශ්චිත වූ පරිදි නිශ්චිතව හෝ සිදුව ඇත යන මතවාදය.
නියන
නා. ලීවල කුඩුම්බි කැපීම් හෑරීම ආදිය සඳහා ගැනෙන තියුණු කැපෙන මුවහතක් සහිත වඩු කාර්මික උපකරණයක්.
නියබලාව
නා. ව්යඤ්ජන පිසින සූප ක්රමයක්; උකුවට සකස් කළ ව්යඤ්ජන විශේෂය.
නියම
1. වි. ස්ථිර; නියත; නිශ්චිත; ඒකාන්ත; නියමිත.
2. වි. සුදුසු; උචිත; ගැළපෙන; යෝග්ය.
3. වි. සැබෑ; සත්ය; අව්යාජ; නීත්යනුකූල.
4. වි. ඉතා ම යෝග්ය; පංකාදු; කියාපු.
නියම කරනවා
1. ක්රි. ස්ථිර කරනවා; නිශ්චය කරනවා; තීරණය කරනවා.
2. ක්රි. නියෝග කරනවා; අණ කරනවා; විධානය කරනවා.
නියම බලධාරි
නා.ප්ර. කිසියම් කටයුත්තක් ඉටු කිරීම සඳහා අති විශේෂ හා අවසාන බලතල, වරප්රසාද ඇති ව පත් කරනු ලබන තැනැත්තා; නිසි බලධාරි.
නියම භාගය
නා. (ගණිත.) හරයට වඩා වටිනාකමින් අඩු ලවයක් ඇති භාග ගණන; භාජකය භාජ්යයට වඩා විශාල වූ භාග සංඛ්යාව (=proper fraction).
නියම වෙනවා
1. ක්රි. නිශ්චය වෙනවා; නිගමනය වෙනවා; තීරණය වෙනවා.
2. ක්රි. සැබෑ වෙනවා; නියත වෙනවා.
නියමන
වි. විස්තර වන; පැහැදිලි වන; නියම වන.
නා.ප්ර. විස්තරය; අර්ථකථනය; විවරණය.
නියමය
1. නා. ස්ථිර භාවය; නියතබව; නිශ්චය.
2. නා. නිගමනය; තීන්දුව; විනිශ්චය.
3. නා. සුදුසුබව; යෝග්යතාව; උරුමය; ඉරණම.
4. නා. අණ; නියෝගය; විධානය; නීතිය; කොන්දේසි.
5. නා. සිද්ධාන්තය; න්යායය.
6. නා. ආකාරය; පිළිවෙළ; විධිය; ක්රමය.
7. නා. ඉම; සීමාව.
නියමල්
නා. නියපොත්ත යට සෑදෙන සුදු ලපය; නඛ පුෂ්පය.
නියම් විදි
නා.ප්ර. පද සාධනය පිළිබඳ ව සිදතෙහි ඉගැන්වෙන වියරණ විදිය.
නියමාතිරික්ත
නියමාන්තරය
[නියම + අන්තරය]
නා. නියම බහු සංඛ්යාවක් පවතින තත්ත්වය; අන්ය නියමය.
නියමානුසාරී
[නියම + අනුසාරි]
වි. (ක්රිස්ති.) ආගමික නියම හා එකඟ වූ; ධර්ම නියමයක් හා ගැළපෙන්නා වූ (=canonical).