සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 924

නිමුන්මිට

නා.ප්‍ර. නඟුල් මිට.

නිමුවු

නා.ප්‍ර. සහල් ඇටය වසා පවතින රතු පැහැති හෝ සුදු තුනී ආවරණය.

නිමෙනවා

1. ක්‍රි. අවසන් වෙනවා; කෙළවර වෙනවා; නිම වෙනවා.
2. ක්‍රි. නිර්මාණය වෙනවා; මැවෙනවා; සෑදෙනවා;
3. ක්‍රි. නිවෙනවා; නිර්වාපණය වෙනවා; සන්හිඳෙනවා.

නිමේෂය

1. නා. ඇසිපිය හෙළීම; ඇස්පිල්ලන් ගැසීම.
2. නා. ඇසිපියක් හෙළන කාලය; මාත්‍රාවක් උසුරුවන කාලය; මොහොත; නිමිසය.

නිමොක්

නා.ප්‍ර. සර්පයා බැහැර කරන හම; හැවය; නිර්මෝකය.

නිඹුල්

1. වි. එක් කුස එකට උපන්; නිබුල්.
2. වි. දෙබිඩි.

නිය

1. නා.ප්‍ර. ඇඟිලි කෙළවර පිහිටි පොත්තක් වැනි තද කොටස; නියපොත්ත; නඛය.
2. නා.ප්‍ර. නුවණ; නැණ; ඤාණය.
3. නා.ප්‍ර. ආකාරය; ක්‍රමය; න්‍යාය; උපාය.
4. නා.ප්‍ර. නීතිය; රෙගුලාසිය; රීතිය.
5. නා.ප්‍ර. සුවඳ ද්‍රව්‍යයක්; තෝර; තුවරලා.
6. නා.ප්‍ර. කාන්තාර මාර්ගය.
7. නා.ප්‍ර. ගංගාව; නදිය.
8. නා.ප්‍ර. ජලය; වතුර.
9. නා.ප්‍ර. නිධානය; නිධිය.

නිය තලවුව

(පාරිභා.) නා. ඇතැම් ක්ෂීරපායි සතුන්ගේ අඩිතලය; කුරය. (=sole plate).

නිය සැත

1. නා. නියපොතු නමැති ආයුධය; නිය නමැති ශස්ත්‍රය.
2. නා. නියපොතු කපන පිහිය; නිය කපන උපකරණය.

නිය සිළ

නා. නිය අග; නිය පොතු අග.

නියං

නා.ප්‍ර. නියග; පෑවිල්ල; ඉඩෝරය; නිදාඝය.

නියං කඩනවා

(කථා.) ක්‍රි. කොනිත්තනවා.

නියං දියාලුව

නා. රුවල් ඔරුවල රුවල වියළෙන විට එය තෙත් කිරීමට යොදා ගන්නා උපකරණය.

නියං ප්‍රතිරෝධක

(පාරිභා.) වි. ඉඩෝරයට ඔරොත්තු දෙන; නියඟයට ඔරොත්තු දීමේ ශක්තිය ඇති (=drought resistant).

නියං සාය

නා. දැඩි නියඟය නිසා ඇති වන සාගතය; වැසි නැතිවීමෙන් ඇති වන දුර්භික්ෂය.

නියංකෝඩය

(කථා.) නා. තද පෑවිල්ල; ඉඩෝරය.

නියඅස

නා.ප්‍ර. ඤාණ අංශුව; අංශුවක් ප්‍රමාණ ඥානය.

නියකන

(කථා.) නා. නියපොත්ත කෙළවර, නියපොතු කොන; නඛාග්‍රය.

නියකය

නා. තමා කෙරෙහි උපන් දෙය; තමාටම අයත් වුව.

නියඟ

නා. වැසි නැති කාලය; ඉඩෝර සමය; පෑවිලි කාලය; වියලිබව.

නියත

1. නා. ඒකාන්ත; නිශ්චිත; වෙනස් නොවන; නිසැක; නොඅනුමාන; ස්ථීර.
2. නා. නියම වූ; නියමිත; නිමය කරන ලද.
3. නා. ක්‍රමවත්; නිසි ලෙස පවත්වන.

නියත ගලනාංකය

(පාරිභා.) නා. සමජාතීය සංයෝගයක් සම්බන්ධ නිශ්චිත ද්‍රවණාංකය.

නියත ප්‍රතිරෝධකය

(පාරිභා.) නා. නියත වශයෙන් ම විදුලි ධාරාව ගලා යාමට ප්‍රතිරෝධ දක්වන උපකරණය; ස්ථාවර ප්‍රතිරෝධකය; (=fixed resistance).

නියත ප්‍රවේශය

(පාරිභා.) නා. (ගණිත.) නොවෙනස් වන ප්‍රවේගය (=velocity constant).