සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 926
නියමාර්ථය
නියමාවලිය
[නියම + ආවලිය]
නා. පිළිවෙළින් ගොනු කළ නියම සමූහය; නීතිරීති පද්ධතිය.
නියමිත
1. වි. නියම වූ; නියම කළ; තීරණය කළ.
2. වි. වෙනස් නොවන, ස්ථිර; ස්ථාවර.
නියමිත අගය
නා. (ගණිත.) බිල්පත්‍ර ආදියෙහි සඳහන් කර ඇති මුදල; ස්ථිර මිල.
නියමිතය
1. නා. නියම කරනු ලැබූව; නියමිත වූව; නියම වූ දෙය.
2. නා. නියම කළ බේත් හේත් ආදිය.
නියමු
වි. මුලින් යන; මඟ පෙන්වන; පෙර ගමන් කරන; පුරෝගාමී; මූලික ව යොදනු ලබන; නියාමක.
නියමු ඇන්ජිම
(පාරිභා.) නා. පෙර ගමන් ගන්නා විශේෂ දුම්රිය යන්ත්‍රය (=pilot engine).
නියමු එළිය
(පාරිභා.) නා. විදුලි පරිපථයක විදුලිය සජීවිබව හෙවත් ක්‍රියාත්මක ව පවත්නා බව දෘශ්‍යමාන කිරීමට යොදන කුඩා විදුලි පහන (=pilot light).
නියමු කටුව
(පාරිභා.) නා. ලෝහ කර්මාන්තයේ දී භාවිත වන මිනුම් කටු විශේෂයක් (=pilot drill).
නියමු බැලු(ලූ)නය
(පාරිභා.) නා. ඉහළ ආකාශයේ වායුවේ වේගයත්, හමන දිශාවත් නිරීක්ෂණය කිරීම සඳහා උපයෝගී කරගන්නා වූ ද, ජලකර හෝ හයිඩ්රජන් වායුව පුරවන ලද්දා වූ ද, කුඩා රබර් බැලුනය.
නියමු යාත්‍රාව
නා. ගල්පර ආදියෙන් යුක්ත තොටක් තුළට ඇතුළු වන නැවකට මඟ පෙන්වීම සඳහා පෙරටු ව යන කුඩා යාත්‍රාව.
නියමු සේවය
(පාරිභා.) නා. නැව්, ගුවන් යනාදියට මඟ පෙන්වීමේ සේවාව; නියාමක සේවය (=pilot service).
නියමුව
1. නා.ප්‍ර. විදුලි වාහකය; සන්නාහනය.
2. නා.ප්‍ර. නියපොතු කෙළවර.
නියමුවා
1. නා. නැව් පදවන්නා; ගුවන් නැව් පදවන්නා; නියාමකයා.
2. නා. තවලම් ගැල් සාත්තු ආදියේ පෙර ගමන කරන්නා හෝ ප්‍රධානයා.
3. නා. වාහන පේළියකට මඟ පෙන්නීම සඳහා පෙරටුව යන වාහනය.
4. නා. ගල්පර ආදියෙන් යුක්ත තොටක් තුළට ඇතුළු වන නැවකට මඟ පෙන්වීම සඳහා පෙරටු ව යන කුඩා යාත්‍රාව.
5. නා. වාහන පදවන්නා; රියැදුරු.
6. නා. (යමක) ප්‍රධානයා; මූලිකයා; පුරෝගාමියා.
නියර
1. නා. කුඹුර හා ලියදි එකිනෙක වෙන් කිරීමටත්, ඒ තුළ දිය රැස් කිරීමටත් ඒ වටා බඳින වැටිය; මියර; වේල්ල,
2. නා. ආකාරය; ක්‍රමය; විධිය.
නියලෙනවා
ක්‍රි. නියුක්ත වෙනවා; නිරත වෙනවා.
නියවත්
වි. නැණවත්; ඥානවන්ත; පණ්ඩිත; නුවණැති.
නියවතා
නා. ඥානවන්තයා; නුවණැත්තා; නැණවතා; පණ්ඩිතයා.
නියවනවා
ක්‍රි. දත් විලිස්සනවා; විරිත්තනවා.
නියහනවා
ක්‍රි. (බතින්) දිය පෙරනවා; කැඳ පෙරා ගන්නවා.
නියළුම්
නා.ප්‍ර. දුක; ශෝකය; ඛේදය.
නියා
නි. ආකාර; වැනි; බඳු.
නියාම ධර්ම
නා.ප්‍ර. ස්වභාවයෙන් සිදු වන ධර්මතා; නියම්දම්.
නියාමක
1. වි. මඟපෙන්වන; පුරෝගාමී.
2. වි. ආදර්ශක; මාදිලියේ වූ.
3. වි. පාලනය කරන; හසුරුවන.