සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 937
නිර්වාණාධිගමය
[නිර්වාණ + අධිගමය]
නා. නිර්වාණය සාක්ෂාත් කිරීම; නිවන් අවබෝධය.
නිර්වාන්ත
වි. ගලා හැලුණු; ඇද හැලුණු; වහනය වුණු; වැගුරුණු.
නිර්වාපණය
නා. නිවීම; සංහිඳීම; නිවී සැනහීම.
නිර්වාපණීය
වි. නිවිය හැකි.
නිර්වාපිත
වි. නිවුණු; සැනහුණු; නිවී සැනහීම කළ.
නිර්වායු
වි. වායුව නැති; වාතය නැති.
නිර්වාර
වි. වළක්වනු ලැබූ; නවත්වන ලද.
නිර්වාහක
1. වි. හටගන්නා; උපදනා; නිෂ්පාදනය වන.
2. වි. උෂ්ණය පිට කරන; (උණුසුම) උපද්දන; (රස්නය) ගලා යන්නට සලස්වන.
නිර්වාහකය
(පාරිභා.) නා. උෂ්ණය පිට කරන ද්‍රවයය (=conductor).
නිර්වාහණය
1. නා. ඉසිලීම; දැරීම.
2. නා. ඇදී යෑම; පැමිණවීම.
නිර්වාහය
නා. මුළුමනින් නිමාවට පත්කිරීම; පරිසමාපත්තිය; නිෂ්පත්තිය.
නිර්වාහී
(පාරිභා.) වි. කිසියම් ද්‍රව්‍යයක් හෝ ද්‍රවයක් හෝ එය තිබෙන තැනින් බැහැරට ගෙන යන; බැහැර කරන (=exportative).
නිර්විකරණය
නා. සැක දුරු කිරීම; ගැටලු විසඳීම.
නිර්විකල්ප
වි. නොවෙනස් ; නියත ලෙස සිදු වන.
නිර්විකාර
වි. වෙනසක් නැති; එක සේ පවත්නා.
නිර්විඛාදක
(පාරිභා.) වි. දිරාපත් නොවන; ජීර්ණ නොවන (=non-corrosive).
නිර්විඝ්න
වි. අන්තරායක් නැති; උවදුරක් නොමැති; නිරුපද්‍රැත.
නිර්විඥාන
වි. නොදැනුවත් ව සිතෙහි පවතින; (යටි සිතෙහි) සැඟවුණු; උපවිඥානයෙහි රැඳී පවත්නා.
නිර්විටමිනෝසියාව
(පාරිභා.) නා. ආහාරවල විටමින් වර්ගයක් හෝ කීප වර්ගයක් අඩුවීම නිසා ඇති වන ආබාධය (=avitaminosis).
නිර්විදා
නා.ප්‍ර. සංස්කාර පිළිබඳ උකටලී බව හෙවත් කලකිරීම; සියලු සංස්කාර ධර්ම පිළිබඳ ව උකටලී වීම.
නිර්වින්දකය
(පාරිභා.) නා.නිර්වින්දන ලක්ෂණ ඇති කරන ඖෂධය; අසංවේදකය. (=anesthetic).
නිර්වින්දනය
1. (පාරිභා.) නා. ස්පර්ශ සංවේදයත්, වේදනාව හා උෂ්ණත්වය දැනීමත් නැති වීම.
2. (පාරිභා.) නා. නිර්වින්දනයක් දීමේ ශාස්ත්‍රය (=anaesthesia).
නිර්විරෝධය
නා. නොවෙනස්කම; විරුද්ධත්වයක් නොවීම; අවිරුද්ධතාව.
නිර්විශේෂ
වි. විශේෂයක් නැති; සමාන වූ; සාමාන්‍ය.