සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 936
නිර්යාත ස්ථානය
නා. බැහැරවන තැන; පිටවන ස්ථානය.
නිර්යාතනය
නා. පිටුදැකීම; බැහැර කිරීම; පාවාදීම.
නිර්යාසය
නා. ගස්වැල් ආදියෙහි මැලියම් හා ලාටු; වෘක්ෂලතාදියෙහි කිරි.
නිර්යූහය
නා. කසාය; ඍතය.
නිර්රෝගපාත්රි
වි. රෝගයනට ඔරොත්තු දෙන.
නිර්ලජ්ජ
වි. ලැජ්ජා නැති; හිරියෙන් තොර.
නිර්ලම්බ
වි. නොඑල්ලෙන; එල්බීමක් නැති.
නිර්ලිංගික
නා. ලිංග ලක්ෂණ පැහැදිලි ව නැති ජීවියා; නපුංසකයා.
නිර්ලෝභ
වි. ලෝභ නැති; මසුරු නොවන; ආශා නොකරන; තණ්හාව නැති.
නිර්ලෝහිත
(පාරිභා.) වි. ලේ සම්බන්ධ නැති; රුධිරය හා නොබැඳි (=blood less).
නිර්වචන
වි. වචනයක හෝ පදයක හෝ අර්ථ විග්‍රහය පිළිබඳ.
නිර්වචනය
නා. යම් වචනයක් හෝ වචන ව්‍යවහාරයක් පිළිබඳ ව සියුම් පැහැදිලි පරිපූර්ණ අර්ථ ප්රකාශනය; වචන ආදියෙහි නිෂ්පත්තිය අනු ව අරුත් කීම; පදයක හෝ වාක්යඛණ්ඩයක අර්ථය සූක්ෂ්ම ව දක්වන ප්රකාශනය; නිශ්චිත අර්ථ ප්රකාශනය.
නිර්වරණ
(පාරිභා.) වි. තේරීමක් නැති; තෝරා නොගත්; විමසා බලා වෙන් කර ගැන්මක් නොකළ හැකි (=non-selective).
නිර්වර්ණක
(පාරිභා.) වි. පැහැයෙන් තොර වූ; පාටක් නැති (=unpigmented).
නිර්වර්තක
වි. හටගන්වන; නිපදවන්නා වූ; උපදවන.
නා.ප්‍ර. ඉපිදවීම.
නිර්වර්තනය
නා. හටගැන්වීම; ඉපැද්දීම; නිපැදවීම.
නිර්වර්ත්ය
වි. නිපදවිය යුතු; හටගැන්වීමට සුදුසු.
නිර්වස්ත්‍ර
වි. ඇඳුම් නො-ඇඳි; නග්න; නිරුවත්.
නිර්ව්යාකූල
වි. වියවුල් නැති.
නිර්ව්‍යාජ
වි. බොරු නැති; රැවටීමක් නැති; සත්‍ය වූ.
නිර්ව්යාධිගමය
1. නා. නීරෝගීබවට පත් වීම.
2. නා. නිවන් සුවය ලැබීම; නිවන් දැකීම.
නිර්ව්රත
වි. ධර්මයෙන් ලද; අනුන්ට පීඩාවක් නො කොට ලැබූ.
නිර්වාණ
1. වි. නිවීයන; නිවෙන.
2. වි. නිවන පිළිබඳ; මෝක්ෂයට අයත්.
නිර්වාණය
නා. ජාති, ජරා, ව්‍යාධි, මරණාදියෙන් තොර විශිෂ්ට ස්වභාවය; බුදු දහමෙන් ඉගැන්වෙන පරම විමුක්තිය.