සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 938

නිර්විසාද

වි. කලකිරීම් රහිත; බලවත් සිත් තැවුල් නැති.

නිර්වූඪ

වි. අතිශයින් බලවත් වූ; තදින් නැගුණු.

නිර්වෘත

වි. නිවුණු; නිවන් පත්.

නිර්වෘත්ත

වි. නිපදවා දෙන; නිෂ්පත්තියට කාරණ වූ; උපදවන ලද.

නිර්වෘතිය

නා. නිවීම; සැනසීම; නිර්වාණය.

නිර්වෘන්ත පුෂ්පය

(පාරිභා.) නා. නටුවක් නැති මල; වෘන්තයක් නැති පුෂ්පය (=sessile flower).

නිර්වෙෂ්ටනය

නා. අවුල් හැරීම; ලිහීම.

නිර්වේඨනය

නා. ලිහීම; අවුල් හැරීම; නිරවුල් කිරීම.

නිර්වේදය

නා. කලකිරීම; සංවේගය.

නිර්වේමතික

වි. විමතියක් නැති; සැක නැති.

නිර්හරණය

නා. බැහැර කිරීම; නොගැනීම; ඉවත් කිරීම.

නිර්හාරි

වි. ඈතට ගමන් කරන; දූරගාමි ගන්ධය.

නිරා

නා.ප්‍ර. නිරය; නරකාදිය.

නිරාකරණය

1. නා. විසඳීම; බේරීම; අවුල් හැරීම; සමථය.
2. නා. දුරු කිරීම; වැළැක්වීම; තෙරපීම; නිවාරණය.

නිරාකර්ෂිත

[නිර් + ආකර්ෂිත]
වි. ඇදී ගොස් නැති; ආකර්ෂණය වී නැති.

නිරාකාර

වි. ආකාරයක් නැති; රූපයක් නැති; ශරීරයක් නොමැති; හැඩයක් නොමැති.

නිරාකීර්ණ

[නිර් + ආකීර්ණ]
වි. ගහන වී නොමැති; ගැවැසී නොසිටින.

නිරාකූල

1. වි. අවුල් නොවූ; වියවුල් නොමැති; සෙමෙහි පිහිටි.
2. වි. කලබල නැති; කරදර නැති. අසම්බාධිත.
3. වි. පැහැදිලි; සරල; ගැට මුසු නොවූ.

නිරාකෘත

වි. නිරාකරණය කළ; නිරවුල් කරන ලද; විසර්ජිත.

නිරාගැබ

නා. නිරයෙහි අභ්‍යන්තරය; නිරය; නරකය.

නිරාගින්න

නා. නරකයෙහි ඇති වහ්නිය හෙවත් ගින්න; නරකාග්නිය.

නිරාචාරවත්

(පාරිභා.) වි.ආචාරධර්ම සීමාවලින් බැහැර වූ; ආචාරධර්ම පක්ෂයෙන් උපේක්ෂාශීලී (=amoral).

නිරාඩම්බර

වි. උඩඟුකමින් තොර; නිහතමානී.
නා. නිහතමානී බව; නිරහංකාරකම.

නිරාතඞ්ක

නා.ප්‍ර. භයින් හා රෝගයෙන් තොර බව; භය වේදනා නොඉපදවීම.