සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 971
නේයාර්ථය
නා. අවබෝධ කළ යුතු අදහස; නුවණින් දත යුතු තේරුම.
නේරයික
වි. නිරයෙහි උපන්; නිරයෙහි වසන; නිරයට අයත්.
නේරයිකයා
නා. නිරයෙහි උපන්; නිරයෙහි උපන් තැනැත්තා; තිරිසනා.
නේලක
වි. තරුණ; නොමේරූ.
නේවාසික
වි. නැවතී සිටින; නිත්‍යවාසී වූ.
නේවාසික පෘථක්කරණය
(පාරිභා.) නා. වසංගත රෝග පැතිරෙන කාලයක රෝගීන් සෙසු අයගෙන් වෙන් කර නිවාසයෙහි ම තැබීම.
නේවාසිකයා
නා. නිත්‍යවාසී වූ තැනැත්තා; ආගන්තුක නොවූ පුද්ගලයා.
නේවාසිකාගාරය
[නේවාසික + ආගාරය]
නා. ස්වකීය නිවසින් බාහිර ව එබඳු තවත් අය හා එක් ව වාසය කරන ගෙය; ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ හෝ රැකියාවල නියුක්තවූවන්ගේ හෝ වාසය සඳහා වූ නිවාසය.
නේසජ්ජික
වි. වාඩි වී හිඳීමෙන් කාලය ගෙවන්නා වූ; නොනිදා ඉන්නා වූ.
නේසජ්ජිකඞ්ගය
නා. සයන ඉරියවු ප්‍රතික්ෂේප කොට, වාඩි වී හිඳීමෙන් කල් ගෙවීම පිළිබඳ භික්ෂු ව්‍රතය.
නෛක
වි. එකකට වැඩි වූ; නොයෙක්; අනේක; විවිධ.
නෛකවිධ
වි. නොයෙක් ආකාර; අනේක; විවිධ.
නෛකශ්‍රී
නා.ප්‍ර. නොයෙක් ආකාර වූ සම්පත්තිය; නානාවිධ සෞභාග්‍ය; අනේකවිධ සමෘද්ධිය.
නෛකායික
වි. නිකාය පිළිබඳ; නිකායට අයත්; සමූහයට අයත්.
නෛකාර්ථ
[නෛක + අර්ථ]
නා.ප්‍ර. නානා අරුත්; විවිධ තේරුම්; අනේකවිධ අර්ථ.
නෛජ
වි. තමාට ම අයත්; ස්වකීය; නිජ.
නෛජ ශක්තිය
(පාරිභා.) නා. යමකට ම අයත් වූ ශක්තිය; සහජ ශක්තිය; ද්‍රව්‍යමය පද්ධතියක අඩංගු ශක්තිය.
නෛතික
වි. නීතිය පිළිබඳ; නීතියට අයත්; නීතිමය.
නෛදානික
වි. රෝග නිදානය පිළිබඳ; නිදානය අනු ව කරන.
නෛපාතික
වි. නිපාත පද පිළිබඳ.
නෛපුණ්‍යය
නා. සපුරා දත් බව; නිපුණබව; කුශලතාව.
නෛමිත්තක
වි. නිමිති ලකුණු අනු ව මතුවට වන හොඳ නරක පවසන්නා; නිමිති කියන්නා.
නෛමිෂ
වි. ඉක්මන්; නිමේෂයක් වූ.
නෛයායික
වි. න්‍යාය දන්නා; න්‍යායෙහි ශූර වූ; තර්කයෙහි සමත් වූ.