අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 125
ජාතක භාණක
නා.ප්ර. ජාතක පාළිය වනපොත් කළ තැනැත්තා (පා. ජාතකභාණක)
ජාතකට්ඨ කථා
නා.ප්ර. ජාතක කථා අටුවාව (පා. ජාතකට්ඨ කථා)
ජාත්යන්තර
වි. විවිධ ජාතීන් සම්බන්ධ වූ; බොහෝ ජාතීන් පිළිබඳ
ජාත්යන්ධයා
නා. උපතින් ම ඇස් නොපෙනෙන්නා (සං. ජාත්යන්ධ)
ජාත්යනුරාගය
නා. ජාතිය පිළිබඳ ව ඇති ඇල්ම
ජාත්යභිමානය
නා. තම ජාතිය ගැන පවත්නා උසස් හැඟීම
ජාත්යභිවෘද්ධිය
නා. ජාතියේ දියුණුව
ජාත්යාලය
නා. ජාතිය කෙරෙහි ඇති බලවත් ආශාව
ජාත්යුන්නතිය
නා. ජාතියේ අභිවෘද්ධිය; දැයේ දියුණුව
ජාතිකාභිමානය
නා. ජාතික හේතු කොට ගෙන ඇතිවන්නා වූ උදාර ගතිය
ජාතිබධිර
වි. උපතින් ම බිහිරි වූ (පා. ජාතිබධිර)
ජාතිභ්රෂ්ට
වි. ස්වකීය වර්ගයාට අවමානය ගෙන දුන් (සං. ජාතිභ්රෂ්ට)
ජාතිභේදය
නා. ජාතීන් අනුව කොටස් කිරීම; ජාති අනුව බෙදීම
ජාතිවාත්සල්යය
නා. ජාතියට ඇති සෙනෙහස
ජාතිස්මරණ ඥානය
නා. පූර්ව ආත්මභාව පිළිබඳ තතු සිහියට නැඟිය හැකි නුවණ
ජාතිහිතෛෂී
වි. ස්වකීය ජාතියට හිතවත්
ජානකීහරණය
නා. සංස්කෘත මහා කාව්යයක නාමය (සං. ජානකීහරණ)
ජානනය
නා. දැනීම; දැනගැනීම (පා. සං. ජානන)
ජානය
නා. පුද්ගලයෙකුගේ ප්රවේණි ලක්ෂණ නිර්ණය කරන ඒකකය (ඉං. gene)
ජානුව
නා. දණහිස (පා. සං. ජානු)
ජායාංගී
වි. ස්ත්රී ලිංගික වූ
ජාලය
නා. දැල (පා. සං. ජාල)
ජිගීෂාව
නා. අන්යයන් අබිබවා යෑමට ඇති බලවත් ආශාව (සං. ජිගීෂා)
ජින
නා.ප්ර. දිනූ තැනැත්තා; බුදුන් වහන්සේ (පා. සං. ජින)