අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 124

ජල සන්නිය

නා. සන්නි රෝගයක නාමය

ජලගැල්ම

නා. ඇළ දොළ පිරී ඉතිරී ගොඩබිම යට කරමින් වැහි වතුර ගලා යෑම

ජලජ ශාක

නා.ප්‍ර. ජලයෙහි වැවෙන පැළෑටි

ජලනළ

නා.ප්‍ර. ජල සම්පාදනය සඳහා යෙදූ බටය

ජලභීතිකාව

නා. පිස්සු බලු රෝගය

ජලවහනය

නා. දිය වැගිරීම; දිය ගලා යෑම

ජලසළාව

නා. දිය සුළිය

ජලස්කන්ධය

නා. ජල කඳ

ජලාකර්ෂක

වි. පහසුවෙන් ජලය උරාගන්නා

ජලාපවහනය

නා. අපජලය බැහැර කිරීම

ජලාශය

නා.ප්‍ර. වතුර රඳා තිබෙන විශාල ප්‍රදේශය; දිය රැස් කර ඇති මහත් භූමි භාගය (සං. ජලාශය)

ජලාශ්‍රිත

වි. දිය රැඳුණු; වතුර ඇති

ජවන

වි. වේගයෙන් ගමන් කරන හෝ දුවන; ශීඝ්‍රගාමි (පා. සං. ජවන)

ජවනිකාව

නා. තිරය; කඩතුරාව/ නාට්‍යයක රඟපෑම් කොටස (සං. ජවනිකා)

ජවාධික

වි. වඩා වේගවත්; වැඩි ජවයක් ඇති (සං. ජවාධික)

ජ්වලන

වි. බබළන; දිලිසෙන (සං. ජ්වලන)

ජ්වලිත

වි. පත්තුවුණු; දැල්වුණු/ බැබළුණු; දිලිසුණු/ රත් වූ; උණුසුම් වූ (සං. ජ්වලිත)

ජ්‍යාමිතය

නා. රේඛා ගණිතය (ඉං. geometry)

ජ්‍යාය

නා. දුන්නෙහි ලණුව; දුනුදිය/ වෘත්තයක කොටසක් වෙන් කරන ඍජු රේඛාව (සං. ජ්‍යා)

ජ්‍යෙෂ්ඨ

වි. මූලික; ප්‍රධාන/ වැඩිමහල්; දෙටු/ උසස්; ශ්‍රේෂ්ඨ (සං. ජ්‍යෙෂ්ඨ)

ජ්‍යොතිර්ඥානය

නා. නක්ෂත්‍රය සම්බන්ධ අවබෝධය (සං. ජ්‍යොතිර්ඥාන)

ජ්‍යෝත්ස්නා

නා. චන්ද්‍ර රශ්මිය (සං. ජ්‍යොත්සනා)

ජ්‍යෝතිශ්ශාස්ත්‍රය

නා. ග්‍රහවස්තූන්ගේ පිහිටීම මිනිස් ජීවිත කෙරෙහි බලපාන ආකාරය උගන්වන ශාස්ත්‍රය (සං. ජ්‍යොතිශ්ශාස්ත්‍ර)

ජ්‍යෝතිෂය

නා. ජ්‍යෝතිශ්ශාස්ත්‍රය (සං. ජ්‍යොතිෂ)