අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 123
ජනලේඛනය
නා. රටේ ජනගහනයත් ඒ පිළිබඳ විවිධ වැදගත් කරුණුත් ඇතුළත් රජයේ නිල වාර්තාව (සං. ජනලෙඛන)
ජනශ්රැති
නා.ප්ර. මුඛ පරම්පරාවෙන් ම පැවත ආ කථා ප්රවෘත්ති; ජනප්රවාදයෙන් රැකී ආ සම්මත චාරිත්ර ආදිය (සං. ජනශ්රැති)
ජනශූන්ය
වි. මිනිස් වාසයෙන් තොර; මිනිසුන් නැති (සං. ජනශූන්ය)
ජනසන්නිවේදනය
නා. මහජනයාට තොරතුරු; ප්රවෘත්ති ආදි දේ දැන්වීම
ජන්තාඝරය
නා. හුමාලයෙන් ඇඟ රත් කිරීම සඳහා සෑදූ ගෙය; ගිනිහල් ගෙය (පා. ජන්තාඝර)
ජන්මභූමිය
නා. උපන්බිම (සං. ජන්මභූමි)
ජන්මාණුව
නා. පරිණත වූ ලිංගික සෛල නැතහොත් ජන්මාණු සෛලය
ජන්මාන්තර
නා.ප්ර. වර්තමාන ජන්මයෙන් අන්යතර වූ ජන්ම (සං. ජන්මාන්තර)
ජනාකීර්ණ
වි. මිනිසුන්ගෙන් අඩුවක් නැති; ජනයා ගැවසීගත්
ජනාධිපති
නා.ප්ර. ජනතාවගේ ප්රධානයා; රාජ්ය නායකයා
ජනාධිපතිවරණය
නා. රටක රාජ්ය නායකයා නැතහොත් ජනාධිපතිවරුන් තෝරාගැනීම සඳහා පවත්වනු ලබන ඡන්ද විමසීම
ජනානුග්රහය
නා. ජනතාවට සිදුකරන උපකාරය
ජනේශ්වර
නා.ප්ර. ජනතාවගේ නායකයා (සං. ජනේශ්වර)
ජම්බුනද ස්වර්ණ
නා.ප්ර. ඉතා පිරිසිදු රන්; දඹ රන්
ජම්බූල වර්ණය
නා. දම් පැහැය
ජයකෙහෙලි
නා.ප්ර. යුද්ධ ආදිය ජයගැනීමේ ප්රීතිය මුල් කොට නංවන කොඩි
ජයකෙළි
නා.ප්ර. ජයග්රහණය නිමිති කොට පවත්වන ක්රීඩා
ජයග්රහණය
නා. දිනුම; ජය ලැබීම
ජයසංඛ ඝෝෂා
නා.ප්ර. සතුරන් පරදවා ජය ගත් බව හඟවන සක් හඬ
ජයස්තම්භය
නා. දිනුම් කනුව
ජරාජීර්ණ
වි. මහලු වීමෙන් දිරාපත් වූ; පරණ වීමෙන් දිරාපත් වූ
ජල කණිකාව
නා. ඉතා සියුම් දිය බිංදුව
ජල වාෂ්ප
නා.ප්ර. ජල අංශු
ජල විච්ඡේදනය
නා. ලවණයක් සමග ජලය ප්රතික්රියා කරවීමෙන් අම්ලයක් සහ භස්මයක් සෑදීම