අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 122
ඡේක
වි. දක්ෂ; සමර්ථ (පා. සං. ඡෙක)
ඡේකප්රයෝග
නා.ප්ර. උගතුන්ගේ විශේෂ භාෂා ප්රයෝග
ඡේදනය
නා. කැපීම; සිඳීම/ නැසීම; විනාශ කිරීම/ රේඛාවක් තවත් රේඛාවකින් කැපීම (සං. ඡෙදන)
ඡේදය
නා. කැපීම; සිඳීම/ කොටස; ඛණ්ඩය (සං. ඡෙද)
ජංගම
වි. ගමන්ගන්නා; ස්ථාවර නැති (පා. සං. ජඞ්ගම)
ජංගම ගිණුම
නා. ගනුදෙනු සඳහා බැංකුවක විවෘත කරන මුදල් තැන්පතුව
ජංඝාස්ථිය
නා. දණහිසත් වළලුකරත් අතර පිහිටි අස්ථි දෙකෙන් එකක් වූ කෙණ්ඩා ඇටය (සං. ජඞ්ඝාස්ථි)
ජගදීශ්වර
වි. ලොවට අධිපති (සං. ජගදීශ්වර)
ජගන්නාථ
නා.ප්ර. ලෝ හිමියා; බුදුරජාණන් වහන්සේ (සං. ජගන්නාථ)
ජඝනය
නා. උකුළ; නිතඹ (සං. ජඝන)
ජටාව
නා. හිස වටා බැඳි රෙදිකඩ (පා. සං. ජටා)
ජටිල
නා.ප්ර. හැඩපලු ගෙතුණු හිසකේ ඇති තවුසා; ජටාධරයා (පා. සං. ජටිල)
ජඨරය
නා. බඩ; ආමාශය/ උදර රෝගය (පා. සං. ජඨර)
ජඨරාග්නිය
නා. බඩගින්න; කුසගින්න (සං. ජඨරාග්නි)
ජඨරාශවය
නා. ආහාර දිරවීමට කුසෙහි ගලා එන ආමාශයික යුෂ
ජනගහනය
නා. රටක හෝ පෙදෙසෙක හෝ වසන මිනිසුන්ගේ ගණන/ අධික මනුෂ්ය වාසය
ජනතා පරමාධිපත්යය
නා. ජනතාව සතු ඉහළ ම අධිකාරි බලය
ජනතා ස්වාධිපත්යය
නා. තමන් විසින් ම තමන් පාලනය කර ගැනීමේ ජනතා ස්වෛරී බලය
ජනන
වි. උපදවන; හටගන්වන (පා. සං. ජනන)
ජනනී
නා.ප්ර. උත්පත්තිය දෙන්නී; මව (පා. සං. ජනනී)
ජනනේන්ද්රිය
නා.ප්ර. ඉපදවීමේ ඉන්ද්රිය; උත්පාදක අවයවය; ලිංගය
ජනපද කල්යාණිය
නා. පැරණි දඹදිව විසූ අතිශය ශෝභමාන කාන්තාවන්ට ලැබුණු තනතුරු නාමය (පා. ජනපදකල්යාණි)
ජනමත විචාරණය
නා. නිශ්චිත කරුණක් සම්බන්ධයෙන් ජනතාවගේ අදහස් විමසා බැලීමේ ව්යවස්ථානුකූල ක්රමවේදය
ජනමාධ්ය
නා.ප්ර. විද්යුත් හා මුද්රිත සන්නිවේදන ක්රියාවලිය