අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 121
ඡදනය
නා. යමක් වැසීමට ගන්නා උපකරණය; ආවරණය/ වහල/ කොළය; පත්රය (පා. සං. ඡදන)
ඡද්දන්ත
නා.ප්ර. ඇත් කුල දහය අතරින් ඉතා ම උසස් යැයි සම්මත ඇත් කුලය (පා. ඡද්දන්ත)
ඡන්ද කොට්ඨාසය
නා. ඡන්ද දායකයන්ගේ සංඛ්යාව අනුව වෙන් කර ඇති ප්රදේශය
ඡන්ද ගුණ්ඩුව
නා. ඡන්ද විමසීමක දී ඡන්ද දායකයන් රැවටීමට යොදන කූට උපක්රමය
ඡන්ද දායකයා
නා. මැතිවරණයක දී ඡන්ද බලය පාවිච්චි කිරීමට හිමිකම් ඇති පුරවැසියා
ඡන්ද නාමලේඛනය
නා. ඡන්දදායකයන්ගේ නම් ඇතුළත් ලේඛනය
ඡන්දපොළ
නා.ප්ර. ඡන්දය ප්රකාශ කිරීම සඳහා පිළියෙල කර ඇති ස්ථානය
ඡන්දය
නා. කැමැත්ත; යම් කිසි අරමුණක් කෙරෙහි රහසේ හෝ එළිපිට හෝ දක්වා සිටින තම මතය (පා. සං. ඡන්ද)
ඡන්දශ්ශාස්ත්රය
නා. ඡන්දස පිළිබඳ ව ඉගැන්වෙන ශාස්ත්රය (සං. ඡන්දශ්ශාස්ත්ර)
ඡන්දස
නා. පද්යයක යෙදිය යුතු අක්ෂරයන්ගේ හෝ මාත්රාවන්ගේ හෝ ගණයන්ගේ හෝ සංඛ්යා නියමය (සං. ඡන්දස්)
ඡන්දෝලංකාර
නා.ප්ර. ඡන්දස් හා අලංකාර
ඡන්න
1. නා.ප්ර. කුටිය; ආවාසය 2. සිදුහත් කුමරුගේ රථාචාර්යයාගේ නාමය (පා. සං. ඡන්න)
ඡබ්බග්ගිය
නා.ප්ර. සයදෙනකුගෙන් සෑදුණු කණ්ඩායමට අයත් පිරිස; විනය විරෝධී ව හැසිරුණු බුද්ධ කාලීන භික්ෂු පිරිසක් හැඳින්වීමට යෙදූ නාමය (පා. ඡබ්බග්ගිය)
ඡවි කල්යාණය
නා. අතිශය ප්රසාදජනක නොකැලැල් සමේ පැහැය; ස්ත්රීන්ගේ පංච කල්යාණයෙන් එක් අංගයක් (පා. ඡවිකල්යාණ)
ඡවිය
නා. සම; සිවිය (සං. ඡවි)
ඡාත්රයා
නා. ශිල්ප ශාස්ත්ර හදාරන්නා; ශිෂ්යයා (සං. ඡාත්ර)
ඡාදනය
නා. වැස්ම; ආවරණය/ වහල/ කොළය; පත්රය (පා. සං. ඡාදන)
ඡායානුවාදය
නා. ග්රන්ථාගත කරුණුවල ඡායාමාත්රය ගෙන කරන භාෂා පරිවර්තනය
ඡායාමාත්රය
නා. අල්පමාත්රය; ඉතා ස්වල්පය
ඡායාරූපය
නා. පින්තූරය; සේයාරුව
ඡායාව
නා. සෙවණැල්ල; ජලය, දර්පණතල ආදියෙහි පෙනෙන පිළිබිඹුව (පා. සං. ඡායා)
ඡායාස්ථිති පිටපත
නා. ඡායාරූපමය සටහන
ඡිද්රය
නා. සිදුර; හිල/ මල, දහදිය ආදිය වහනය වන සිදුර (සං. ඡිද්ර)
ඡින්න
වි. කැඩුණු; සිඳුණු (පා. සං. ඡින්න)