අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 353
ස්මරණය
නා. සිහි කිරීම; මතක් කිරීම (සං. ස්මරණ)
ස්මාරකය
නා. සිහිවටනය (සං. ස්මාරක)
ස්මිතය
නා. මඳ සිනහව (සං. ස්මිත)
ස්මෘතිය
නා. සිහිය; මතකය (සං. ස්මෘති)
ස්වක්ෂේත්ර
නා.ප්ර. ග්රහයා අධිපති වූ රාශිය (සං. ස්වක්ෂෙත්ර)
ස්වකීය
වි. තමාට අයිති (සං. ස්වකීය)
ස්වච්ඡන්ද
වි. කැමැත්ත ඇති (සං. ස්වච්ඡන්ද)
ස්වච්ඡන්දතාව
නා. සිය කැමැත්තට ගැළපෙන බව (සං. ස්වච්ඡන්දතා)
ස්වච්ඡේදනය
නා. තමන් ම සිරුරේ කොටස් සිඳ දැමීම
ස්වතන්ත්ර
වි. නිදහස්; නිවහල් සිතුම් පැතුම් ඇති (සං. ස්වතන්ත්ර)
ස්වතන්ත්රභාවය
නා. නිදහස්; ස්වාධිපත්යය (සං. ස්වතන්ත්රභාව)
ස්වදේශය
නා. තමාගේ රට; තමා උපන්, හැදුණු, වැඩුණු රට (සං. ස්වදේශ)
ස්වදේශික
වි. තම රටට අයත් (සං. ස්වදෙශික)
ස්වදේශීය
වි. තමා උපන් රටට අයත් (සං. ස්වදෙශීන්)
ස්වපරාගණය
නා. එක ම මලෙක පරාග එහි අනෙක් මලෙක් කලංකයට පතිත වීම
ස්වප්නය
නා. නිදන තැනැත්තාට පෙනෙන මනෝමය දර්ශනය, සිහින (සං. ස්වප්න)
ස්වභාවධර්මය
නා. ප්රකෘතියෙන් හටගන්නා ලක්ෂණය
ස්වභාවය
නා. ඉබේ ම පිහිටන ගතිය (සං. ස්වභාව)
ස්වභාවවාචී
වි. ස්වරූපය කියවෙන
ස්වභාවෝක්ති
නා.ප්ර. වස්තූන් පිළිබඳ ඇති අයුරින් කරන ප්රකාශනය (සං. ස්වභාවොක්ති)
ස්වභාෂාව
නා. ස්වකීය භාෂාව
ස්වයං ලිඛිත
වි. තමා විසින් ම ලියන ලද
ස්වයංක්රීය
වි. මෙහෙයවීමකින් තොර ව ක්රියා කරන
ස්වයංජාත
වි. ඉබේ ම හටගත් (සං. ස්වයංජාත)