අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 354

ස්වයංපෝෂණය

නා. අවශ්‍ය දෙයින් සම්පූර්ණ වීම; අවශය දේ තම රටින්ම ගෙන සෑහීම

ස්වයංවරණය

නා. සත්ත්වයාගේ ශරීරයේ අංග පරිසරයට නොගැළපෙන විට අකර්මණ්‍ය ව පිරිහී අතුරුදන් වීම/ ස්වයංවරය (සං. ස්වයංවරණ)

ස්වයංවරය

නා. කන්‍යාවක විසින් සිය කැමැත්තෙන් ස්වාමි පුරුෂයා ලෙස කෙනකු තෝරා ගැනීම (සං. ස්වයංවර)

ස්වයංසිද්ධ

වි. ඉබේ ම සිදු වූ (සං. ස්වයංසිද්ධ)

ස්වයම් ප්‍රතිභානය

නා. තමන් විසින් ම වටහා ගැනීම

ස්වයම්භ

නා.ප්‍ර. දත යුතු සියල්ල තමාම අවබෝධ කොට ගත් තැනැත්තා (පා. ස්වයම්භූ)

ස්වයම්භූත

වි. එයින් ම පහළ වූ; තෙමේ ම හටගත්

ස්වරතන්ත්‍රය

නා. ස්වරාලය හරහා ඇදී යන තුනී පටලය (සං. ස්වරතන්ත්‍ර)

ස්වරමාලාව

නා. ස්වර පන්තිය

ස්වරය

නා. ශබ්දය (සං. ස්වර)

ස්වර්ගය

නා. දෙව්ලොව (සං. ස්වර්ග)

ස්වර්ගස්ථ

වි. දෙව්ලොව උපන් (සං. ස්වර්ගස්ථ)

ස්වර්ණ

නා.ප්‍ර. රත්රන්; රන් (සං. ස්වර්ණ පා. සුවණ්ණ)

ස්වර්ණභූමිය

නා. බුරුම රාජ්‍යය හැඳින්වීමට යොදන නාමයක්

ස්වර්ණමාලි

නා.ප්‍ර. දෙව්දුවකගේ නාමය/ රුවන්මැලි මහා සෑය

ස්වර්ණාභරණ

නා.ප්‍ර. රනින් කරන ලද ආභරණ

ස්වරාදේශ

නා.ප්‍ර. පද සන්ධි වීමේදී එක ළඟ ඇති ස්වර දෙකක් වෙනුවට වෙනස් ස්වරයක් ආදේශ කිරීම

ස්වරාලය

නා. ස්වරය උපදින ස්ථානය

ස්වල්ප

වි. අල්ප (සං. ස්වල්ප)

ස්වස්ති සිද්ධම්

අව්‍ය. කිසියම් ශුභ ප්‍රාර්ථනාවක දී කියන හෝ වැදගත් ලේඛනයක දී ලියන හෝ ආශංසනාත්මක වාක්‍ය ඛණ්ඩයක්

ස්වස්තිකය

නා. රන්, රිදී ආදි ලෝහයන්ගෙන් තනාගනු ලබන මංගල වස්තුවක් (සං. ස්වස්තික)

ස්වස්ථතාව

නා. ශරීරය යහපත් අන්දමින් පවත්වාගෙන යෑම; සෞඛ්‍යය පිළිබඳ හැදෑරීම (සං. ස්වස්ථතා)

ස්වාධ්‍යයනය

නා. තමන් ම කරන ඉගෙනීම

ස්වාධිපත්‍යය

නා. තමාගේ පාලන ඒකාධිකාරය; තමන් සතු ප්‍රභූත්වය (සං. ස්වාධිපත්‍ය)