අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 355
ස්වාධීන
වි. අනෙකකුට යටත් නොවන; තමන් සතු (සං. ස්වාධීන)
ස්වානුභූතිය
නා. තම අත්දැකීම (සං. ස්වානුභූති)
ස්වාභාවික
වි. ස්වභාවයෙන් හටගත්; සාමාන්‍ය තත්ත්වයට ගැළපුණු (සං. ස්වාභාවික)
ස්වාමිපුරුෂයා
නා. සැමියා
ස්වාමීන් වහන්සේ
නා.ප්‍ර. භික්ෂූන් වහන්සේ
ස්වායත්ත
වි. තමන් විසින් ම පාලනය කෙරුණු (සං. ස්වායත්ත)
ස්වාර්ථ
වි. තමාගේ ප්‍රයෝජනය පිණිස වූ; තම අදහසට ගැළපෙන (සං. ස්වාර්ථ)
ස්වාසනාළය
නා. ස්වරාලයේ සිට පෙනහලු දක්වා තිබෙන නාළය
ස්වීකාර්ය
වි. ස්වකීයත්වයෙන් පිළිගැනීමට සිදුවන (සං. ස්වීකාර්ය)
ස්වෙච්ඡා
වි. සිය කැමැත්තෙන් යුත් (සං. ස්වෙච්ඡා)
ස්වේත
නා.ප්‍ර. ශ්වේත; සුදු (සං. ශ්වෙත)
ස්වේද ග්‍රන්ථිය
නා. දහඩිය නිපදවන ග්‍රන්ථිය
ස්වේදය
නා. දාහය නිසා හටගන්නා දිය; දහඩිය (සං. ස්වෙද)
ස්වෛරි
වි. ස්වකීය කැමැත්ත අනුව පවතින; නිදහස් (සං. ස්වෛරි)
ස්වෛරීභාවය
නා. සිය අභිමතය පරිදි පවතින බව; පරමාධිපත්‍යය
ස්රාවය
නා. ගැලීම; ශරීරයේ ග්රන්ථීන් මගින් නිකුත් කෙරෙන ද්‍රව විශේෂය (සං. ස්රව)
සාංක්රමණිකයා
නා. සංක්‍රමණය කරන්නා
සාංකාව
නා. බලවත් සිත් තැවුල; කනගාටුව/ සැකය (සං. ශඞ්කා)
සාංඛ්‍ය
නා. වේදාන්ත දර්ශනයක් (සං. සාංඛ්‍ය)
සාංඝික දානය
නා. සඟ සතු කොට පිරිනමන දානය
සාංවත්සරය
නා. වසරක් පිරීම නිමිති කොට පවත්වන උත්සවය (සං. සාංවත්සර)
සාංවත්සරික
වි. වසරක් සපිරෙන (සං. සාංවත්සරික)
සාංසාරික
වි. සංසාරය හා සම්බන්ධ (සං. සාංසාරික)
සාකච්ඡාව
නා. පිරිසක් එක් ව කරන කතා බහ (පා. සං. සාකච්ඡා)