අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 352

ස්ථායිතාව

නා. ස්ථිර බව (සං. ස්ථායිතා)

ස්ථායිභාව

නා.ප්‍ර. සාහිත්‍යයේ රස නිෂ්පත්තියට හේතු වන රති, ශෝක, හාස්‍ය ආදි වූ භාව (සං. ස්ථායිභාව)

ස්ථාවර

වි. නොසෙල්වෙන; ස්ථිර (සං. ස්ථාවර)

ස්ථිතික

වි. නිශ්චලව පවත්නා ස්වභාව ඇති (සං. ස්ථිතික)

ස්ථිතිය

නා. පැවැත්ම (සං. ස්ථිති)

ස්ථිර

වි. කල් පවත්නා (සං. ස්ථිර)

ස්ථිරත්වය

නා. නොසෙල්වෙන ගතිය (සං. ස්ථිරත්‍ව)

ස්ථිරසාර

වි. ඉතා ශක්තිමත්; වෙනස් නොවන (සං. ස්ථිරසාර)

ස්ථූල

වි. මහත; තරබාරු (සං. ස්ථූල)

ස්ථූලතාව

නා. තරබාරු ගතිය (සං. ස්ථූලතා)

ස්නානය

නා. නෑම; ජලයෙන් සේදීම (සං. ස්නාන)

ස්නිග්ධ

වි. රූක්ෂ නොවූ; සිනිදු; මොළොක් (සං. ස්නිග්ධ)

ස්නේහනය

නා. ස්නේහ කිරීම; ආදරය කිරීම (සං. ස්නෙහන)

ස්නේහය

නා. ආදරය; ප්‍රේමය (පා. සං. ස්නෙහ)

ස්පන්දනය

නා. මඳක් චංචල වීම/ නාඩි වැටීම (සං. ස්පන්‍දන)

ස්පර්ශක

වි. එකිනෙක ගැටීමෙන් ඇති වන සංවේදය (සං. ස්පර්ශක)

ස්පර්ශය

නා. පංචේන්ද්‍රිය ගැටීමෙන් ඇති වන සම්බන්ධතාව; යමක් යම් කිසිවක ගෑවීම (සං. ස්පර්ශ)

ස්පෂ්ට

වි. ඉතා පැහැදිලි ලෙස පෙනී යන්නා වූ; අවබෝධවන්නා වූ (සං. ස්පෂ්ට)

ස්පාඤ්ඤය

නා. යුරෝපා මහද්වීපයේ, සයිබීරියානු අර්ධද්වීපයේ පිහිටි රටක් (පුර්. Hespanha ඉං. Spain)

ස්ඵටික පාෂාණ

නා.ප්‍ර. පර්වත ලෝදිය ඝන වීමෙන් සෑදෙන ස්ඵටික අඩංගු පාෂාණ

ස්ඵටිකය

නා. කිසියම් රටාවකට අනුව පරමාණු පිහිටීමෙන් සෑදුණු වස්තුවක නාමය; පළිඟුව (සං. ස්ඵටික)

ස්ඵරණ

වි. පැතිරෙන; පතුරුවන (සං. ස්ඵරණ)

ස්ඵුට

වි. ප්‍රකට; ප්‍රත්‍යක්ෂ/ පිපිරුණු/ පිපුණු (සං. ස්ඵුට)

ස්ඵෝටනය

නා. ශබ්ද නගමින් හදිසියේ පුපුරායෑම (සං. ස්ඵොටන)