අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 351

ස්තරායණය

නා. තලය; තට්ටුව

ස්තරීභවනය

නා. පටක බවට පත්වීම; ස්තර බවට පත්වීම

ස්තරීභූත

වි. තට්ටු බවට පත්; පටක ගැසුණු

ස්තරීභූත පාෂාණ

නා.ප්‍ර. රසායනික වෙනස්වීම නිසා තට්ටු වශයෙන් සෑදෙන ගල්

ස්ත්‍රිය

නා. වනිතාව; කාන්තාව (සං. ස්ත්‍රී පා. ඉත්‍ථී)

ස්ත්‍රී ධූර්ත

නා.ප්‍ර. අන් ස්ත්‍රීන් කෙරෙහි ඇලීම (සං. ස්ත්‍රී ධූර්ත)

ස්තුති කථාව

නා. කරන ලද කාර්යයක් ඇගයීම සඳහා ප්‍රශංසාත්මකව කරනු ලබන කථාව

ස්තුතිය

නා. ප්‍රශංසාත්මක කථනය; පැසසුම (සං. ස්තුති පා. ථුති)

ස්තූපය

නා. දාගැබ (සං. ස්තූප පා. ථූප)

ස්තෝත්‍රපාඨ

නා.ප්‍ර. ස්තුති වශයෙන් ගයන ගී පද (සං. ස්තොත්‍රපාඨ)

ස්තෝත්‍රය

නා. ස්තුති ගීතය (සං. ස්තොත්‍ර)

ස්ථලය

නා. ගොඩබිම/ පැතිරුණු ප්‍රදේශය; තලය (සං. ස්ථල පා. ථල)

ස්ථවිර

නා.ප්‍ර. උපසම්පදාවෙන් දස වස ඉක්මවූ භික්ෂූන් වහන්සේ (සං. ස්ථවිර පා. ථෙර)

ස්ථානගත

වි. ස්ථානයට අයත්

ස්ථානය

නා. තැන; ඉඩම/ පදවිය (සං. ස්ථාන)

ස්ථානාධිපති

නා.ප්‍ර. ස්ථානයක ප්‍රධානයා

ස්ථානාන්තරය

නා. තනතුර; පදවිය (සං. ස්ථානාන්තර)

ස්ථානීය

වි. තැනකට අයත්; ස්ථානයට යෝග්‍ය (සං. ස්ථානීය)

ස්ථානෝචිත

වි. තැනට සුදුසු

ස්ථානෝචිත ප්‍රඥාව

නා. තැනට සුදුසු නුවණ

ස්ථාපනය

නා. තැබීම; තැන්පත් කිරීම (සං. ස්ථාපන)

ස්ථාපිත

වි. තබන ලද; පිහිටුවන ලද (සං. ස්ථාපිත)

ස්ථායි

වි. වෙනස් නොවී පවත්නා වූ; ස්ථිර ව පිහිටියා වූ (සං. ස්ථායින්, ස්ථායී)

ස්ථායිකරණය

නා. වෙනස් නොවන තත්ත්වයකට පත් කිරීම