අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 75

කථා ප්‍රවෘත්තිය

නා. පරම්පරාගත ව පැවත එන පුවත

කථා ව්‍යවහාරය

නා. කථා කිරීමේ දී භාවිත කරන භාෂාව

කථා සම්භාෂණය

නා. එක් ව කතා බස් කිරීම

කථානායක

නා.ප්‍ර. මහජන මන්ත්‍රී මණ්ඩලයක මුලසුන දරන්නා/ ප්‍රබන්ධයක ප්‍රධාන චරිතය

කථානුසාරයෙන්

ක්‍රි.වි. කථාව අනුව

කථාරම්භය

නා. කථාවේ ආරම්භය (සං. කථාරම්බ)

කථාශේෂභාවෝපගත

වි. මළ; මියගිය

කථිකයා

නා. දේශකයා (පා. සං. කථික)

කථිකාචාර්ය

නා.ප්‍ර. උසස් අධ්‍යාපන ආයතනයක දේශකයා

කථිකාව

නා. සාකච්ඡාවකින් පසු පොදුවේ බැස ගන්නා තීරණය හෝ නිගමනය; සම්මුතිය (පා. කථිකා)

කථිත

වි. කියන ලද; ප්‍රකාශ කරන ලද; පැවසූ (පා. සං. කථිත)

කථෝපකථනය

නා. සාකච්ඡාව; සංවාදය (සං. කථොපකථන)

කදම්බය

නා. සමූහය; කලබ (පා. සං. කදම්බ)

කදාපහණ

නා. වීදුරු; පළිඟු

කදෝපැණියා

නා. කණමැදිරියා

කන

නා. ශ්‍රවණේන්ද්‍රිය/ කෙළවර (පා. කණ්ණ සං. කර්ණ)

කනක

නා.ප්‍ර. රන්; රත්රන් (පා. සං. කනක)

කනගාටුව

නා. දුක්මුසු බව; කනස්සල්ල

කනත්ත

නා. ළැහැබින් වැසුණු ඉඩම/ සොහොන් බිම

කනප්පුව

නා. කුඩා මේස විශේෂයක් (පුර්. canape ල. knaap)

කනවැන්දුම්

වි. පුරුෂයා හෝ භාර්යාව නැසී ගිය/ පුරුෂයාගෙන් වෙන් වී වසන (දෙ. கண்வன்+தபு)

කනස්සලු

වි. කනගාටු සහිත

කනහුළ

නා. හුළු අත්ත

කන්කලු

වි. කනට මිහිරි