අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 76
කන්තළ
නා.ප්ර. (ඇතකු) කන්තළ හෙවත් කන්පෙති ගැසීම (පා. කණ්ණතාඩ සං. කර්ණතාල)
කන්තාරු
නා.ප්ර. දේවමෙහෙයන්හි දී කියන ගීතිකා (පුර්. cantar)
කන්ථක
නා. සිදුහත් කුමරුගේ අශ්වයා (පා. කන්ථක)
කන්නඩ
නා. ඉන්දියාවේ වෙසෙන මනුෂ්ය වර්ගයක් හා ඔවුන් විසූ ප්රදේශය (දෙ. கன்டைம்)
කන්නලව්ව
නා. බැගෑපත් ඉල්ලීම; ආයාචනය; අඳෝනාව; ඇවිටිල්ල
කන්යාභාවය
නා. කන්යාවක් වීම
කන්යාව
නා. වැඩිවිය නොපත් බාලිකාව/ විවාහ නොවූ තරුණිය (සං. කන්යා)
කනා
නා.ප්ර. රත්තරන් (පා. සං. කනක)
කනිටු
වි. වයසින් අඩු; ළාබාල/ තත්ත්වයෙන් හෝ සේවයෙන් අඩු (පා. කනිෂ්ඨ සං. කනිෂ්ඨ)
කනිෂ්ඨ
වි. වයසින් අඩු; ළාබාල/ තත්ත්වයෙන් හෝ සේවයෙන් හෝ සේවා කාලයෙන් අඩු; සුළු (සං. කනිෂ්ඨ)
කනීනිකාව
නා. කළු ඉංගිරියාව (සං. කනීනිකා)
කඳපිළිවෙළ
නා. පෙර විසූ ආත්මභාවයන්ගේ අනුපිළිවෙළ (පා. ඛන්ධපටිපාටි)
කඳවුර
නා.ප්ර. සෙනඟ ලැගුම්ගන්නා ස්ථානය/ යුද්ධ සේනාව වාඩි ලා ගන්නා ස්ථානය (පා. ඛන්ධාවාර සං. ස්කන්ධාවාර)
කඳුරැළිය
නා. කුඩා දිය ඇල්ල
කඳුළ
නා.ප්ර. කඳුළු; ඇසෙන් වැගිරෙන ද්රවය; නේත්ර ජලය (පා. කන්දන සං. ක්රන්දන)
කඳුළැලි
නා.ප්ර. කඳුළු ධාරා
කපාටය
නා. විවරය (සං. කපාට)
කපාලය
නා. හිස්කබල (පා. සං. කපාල)
කපිරිඤ්ඤ
නා.ප්ර. පූර්තුගීසීන්ගෙන් හා කාපිරි ජනයාගෙන් පැවත එන ලංකාවේ ප්රචලිත ජන සංගීතයක නාමය
කපිලවස්තුව
නා. කිඹුල්වත් නුවර (සං. කපිලවස්තු)
කපෝලය
නා. කම්මුල; කොපුල්තලය (පා. සං. කපොල)
කබල
නා. මැටි භාජනය; වළඳ; හිඟමන සඳහා පාවිච්චි කරන භාජනය/ ධාන්ය ඖෂධ ආදිය බැද ගැනීම සඳහා භාවිත කරන භාජනය/ ඔළු කටුව/ සතුන්ගේ හෝ බිත්තරවල හෝ පිටකටුව/ තුවාලයක් මතුපිට සෑදෙන කබොල්ල (ප්රා. කහල්ල පා. සං. කපාල)
කබොල්ල
නා. ඔළු කට්ට; ශීර්ෂ කපාලය/ ඉදිබු ආදි සතුන්ගේ කටුව හෝ බිත්තරවල කටුව/ තුවාලයක් මතුපිට සෑදෙන සිවිය
කමනීය
වි. රුචි කළ යුතු; ආශා කළ යුතු (පා. සං. කමනීය)
කම්කටොලු
නා.ප්ර. දුක; හිරිහැරය; පීඩාව