බුද්ධදත්ත පාලි අකාරාදිය – 219

කුබ්බන්ත

3. කරන; කරමින්.

කුබ්බර

පු. කරත්තයේ බෝන් ලීය.

කුමති

ඉ. වැරදි අදහස.

කුමතී

පු. වැරදි මත ඇත්තා.

කුම්භ

පු. කළය.

කුම්භක

න. නැවේ කුඹ ගස.

කුම්භකාර

පු. කුඹලා; වළං සාදන්නා.

කුම්භකාරසාලා

ඉ. කුඹල් හළ; වළං සාදන තැන.

කුම්භණ්ඩ

පු. කුම්භණ්ඩ නම් දේව වර්ගයක්; කොමඩු; පුහුල්.

කුම්භදාසී

ඉ. දිය ගෙනෙන දාසිය.

කුම්භී

ඉ. සැළිය.

කුම්භීල

පු. කිඹුලා.

කුම්ම

පු. ඉදිබුවා; ඉබ්බා.

කුම්මග්ග

පු. වැරදි මග.

කුම්මාස

පු. පිට්ටු.

කුමාර

පු. කුමරා; ළමයා.

කුමාරක

පු. ළදරුවා.

කුමාරිකා

ඉ. කුමරිය; ගැහැණු ළමයා.

කුමාරී

ඉ. කුමරිය; ගැහැණු ළමයා.

කුමින

න. කෙමින.

කුමුද

න. නරකයක්; විශාල ගණනක්; සුදු මානෙල්.

කුමුදනාළ

න. මානෙල් දණ්ඩ.

කුමුදවණ්ණ

3. සුදු පැහැති.

කුය්‍යකපුප්ඵ

න. බක්මී මල.