බුද්ධදත්ත පාලි අකාරාදිය – 284

ජිගුච්ඡන්ත

3. පිළිකුල් කරන; පිළිකුල් කරමින්.

ජිගුච්ඡමාන

3. පිළිකුල් කරන; පිළිකුල් කරමින්.

ජිගුච්ඡා

ඉ. පිළිකුල.

ජිගුච්ඡිත

3. පිළිකුල් කළ.

ජිගුච්ඡිතබ්බ

3. පිළිකුල් කටයුතු.

ජිගුච්ඡිත්වා

පූ.ක්‍රි. පිළිකුල් ‍කොට.

ජිඝච්ඡිත

3. ඉඩගිනි වූ.

ජිඤ්ජුක

පු. ඔලිඳ වැල.

ජිණ්ණ

3. කුසෙහි දිරවූ; ජරපත්; දිරාගිය; දිරුණු; මහලු; වයස්ගත; පු. මහල්ලා.

ජිණ්ණක

3. කුසෙහි දිරවූ; ජරපත්; දිරාගිය; දිරුණු; මහලු; වයස්ගත; පු. මහල්ලා.

ජිණ්ණතා

ඉ. දිරාගිය බව.

ජිත

3. අල්වාගත්; දිණූ.
න. දිනීම.

ජිතත්ත

3. දිණු ආත්ම ඇති.
න. දිණූ බව.

ජිති

ඉ. දිනීම.

ජින

පු. දිණූ අය; බුදුරද.

ජිනචක්ක

න. බුද්ධ සාසනය.

ජිනන්ත

3. දිනන; දිනමින්.

ජිනපුත්ත

පු. බෞද්ධ භික්ෂුව.

ජිනසාසන

න. බුද්ධ ධර්මය.

ජිනාති

(ජි+නා) ජයගනී.

ජිනිත්වා

පූ.ක්‍රි. දිනා.

ජිනිතුං

නි. දිනන්ට.

ජිම්හ

3. වක් වූ; වඞ්ක සිතැති.

ජිම්හතා

ඉ. ඇද බව; වඞ්ක බව.