බුද්ධදත්ත පාලි අකාරාදිය – 316

දට්ඨ

3. දෂ්ට කරනු ලැබූ; සපා කෑ; සැපූ.

දට්ඨට්ඨාන

න. සැපූ තැන.

දට්ඨභාව

පු. දෂ්ට කළ බව.

දඩ්ඪ

3. දාගිය; දැවුණු; පිලිස්සුණු.

දඩ්ඪගෙහ

3. දාගිය ගෙය; දාගිය ගෙවල් ඇති.

දණ්ඩ

පු. දඩය; දණ්ඩ; දඬුවම; ලීය.

දණ්ඩක

න. කුඩා ලීය; මිට; හැරමිටිය.

දණ්ඩකමධු

න. අත්තේ එල්ලා බැඳි මී වදය.

දණ්ඩකම්ම

න. දඬුවම; දඬුවම් විඳීම.

දණ්ඩකොටි

ඉ. ලී‍ කෙළවර; ලීයේ කොණ.

දණ්ඩදීපිකා

ඉ. පන්දම.

දණ්ඩනීය

3. දඬුවම් ‍කළ යුතු.

දණ්ඩපරාණය

3. හැරමිටිය පිහිට කොට ඇති.

දණ්ඩප්පත්ත

3. දඬුවම් ලැබීමට යෝග්‍ය; වරදට පත්.

දණ්ඩපාණි

3. අතේ සැරයටියක් ගෙන යන.

දණ්ඩභය

න. දඬුවම් භය.

දණ්ඩහත්ථ

3. අතේ ලීයක් ඇති.

දත්ත

3. දෙන ලද.

දත්ති

ඉ. ආහාර දමන කුඩා භාජනයක්.

දත්තික

3. දෙන ලද.

දත්තිය

3. දෙන ලද.

දත්තු

පු. අඥානයා.

දත්වා

පූ.ක්‍රි. දී; දීලා.

දද

3. දෙන.