බුද්ධදත්ත පාලි අකාරාදිය – 43

අනුයුත්ත

3. යෙදුණු; පු. සේවකයා.

අනුයොග

පු. පිළි පැදීම; යෙදීම.

අනුයොගී

3. පිළිපදින්නා; යෙදෙන්නා.

අනුරක්ඛක

3. රකින; රකින්නා.

අනුරක්ඛති

(අනු+රක්ඛ+අ) රකියි.

අනුරක්ඛන

න. රැකීම.

අනුරක්ඛන්ත

3. රකින; රකිමින්.

අනුරක්ඛමාන

3. රකින; රකිමින්.

අනුරක්ඛා

ඉ. රැකීම.

අනුරක්ඛි

3. රකින්නා.

අනුරක්ඛිතබ්බ

3. රැක්ක යුතු; රැක්ක හැකි.

අනුරක්ඛිය

3. රැක්ක යුතු; රැක්ක හැකි.

අනුරඤ්ජිත

3. බැබලෙන; යුක්ත වූ.

අනුරත්ත

3. ආශා ඇති; ඇලුණු.

අනුරාව

පු. දෝංකාර ශබ්දය.

අනුරූප

3. යෝග්‍ය; සුදුසු.

අනුරොදති

(අනු+‍රුදි+අ) කිසිවක් පිණිස හඬයි.

අනුරොධ

පු. අනුකූලත්වය; එකඟ බව.

අනුලිත්ත

3. ගාන ලද; තවරන ලද; තැවරුණු.

අනුලිම්පති

(අනු+ලිප+ංඅ) ආලේප කරයි; තවරයි.

අනුලිම්පන

න. ගෑම; තැවරීම.

අනුලිම්පෙත්වා

ගා; තවරා.

අනුලිම්පෙති

(අනු+ලිප+ණෙ) ගායි; තවරයි.

අනුලොම

3. ක්‍රමානුකූල වූ; යෝග්‍ය වූ; විරුද්ධ නොවු.