බුද්ධදත්ත පාලි අකාරාදිය – 465

පාවාරික

පු. උතුරු සළු වෙළෙන්දා.

පාවුරණ

න. පෙරවීමට ගන්නා වස්ත්‍රය.

පාවුරති

පොරවාගනී.

පාවුස

පු. මත්ස්‍ය වර්ගයක්; වර්ෂාකාලය.

පාවුස්සක

3. වර්ෂාකාලයට අයත්.

පාස

පු. පුඬුව; බොත්තම් කාසය; මළපුඬුව.

පාසක

න. පුඬුව; බොත්තම් කාසය; මළපුඬුව.
පු. දාදුකැටය; පසං ඇටය.

පාසණ්ඩ

න. මිථ්‍යාදෘෂ්ටිය.

පාසණ්ඩක

3. මිථ්‍යාමත දරන්නා.

පාසණ්ඩික

3. මිථ්‍යාමත දරන්නා.

පාසාණ

පු. ගල; ගල් පර්වතය.

පාසාණගුල

පු. ගල් බෝලය.
න. ගල් බෝලය.

පාසාණචෙතිය

න. ගල් සෑය.

පාසාණපිඨ

න. ගලමතුපිට.

පාසාණඵලක

පු. ගල් ලෑල්ල.

පාසාණලෙඛා

ඉ. ගලේකෙටූ දෙය; ශිලා ලිපිය.

පාසාද

පු. ප්‍රාසාදය; විශාල ගෙය; සතරැස් ගෙය.

පාසාදතල

න. උඩුමහල; සොල්දර තට්ටුව.

පාසාදික

3. පැහැදීම ඇති කරන; සතුටු එළවන.

පාහුණ

පු. ආගන්තුකයා.
න. යැවිය යුතතු පඬුර.

පාහුණෙය්‍ය

3. ආගන්තුක සත්කාරයට හෝ පඬුරු යැවීමට සුදුස්සා.

පාහෙති

(පා+හි+ණෙ) යවයි.

පාළි

ඉ. පන්තිය; පාලිභාෂාව; පේළිය; බුද්ධවචනය.

පාළිභද්ද

පු. එරමුදුගස.