බුද්ධදත්ත පාලි අකාරාදිය – 464

පාරුපන

න. පෙරවීම; පොරවන වස්ත්‍රය; පොරෝනාව.

පාරුපිත්වා

පූ.ක්‍රි. පොරවා.

පාරුපිතුං

නි. පොරවන්නට.

පාරුපිය

පූ.ක්‍රි. පොරවා.

පාරෙවත

පු. කොබෙය්යා; පරෙවියා.

පාරොහ

පු. අතු බෙලය; උඩින් පහලට ඇදෙන මුල.

පාල

3. ආරක්ෂකයා; රකින්නා.

පාලක

3. ආරක්ෂකයා; රකින්නා.

පාලන

න. නඩත්තු කිරීම; පාලනය කිරීම; රැකීම.

පාලනා

ඉ. නඩත්තු කිරීම; පාලනය කිරීම; රැකීම.

පාලයමාන

3. පාලනය කරමින්; රකින; රකිමින්.

පාලි

ඉ. පන්තිය; පාලිභාෂාව; පේළිය; බුද්ධවචනය.

පාලිච්ච

න. හිසකෙස් සුදු වීම.

පාලිත

3. පාලනය කරන ලද.

පාලෙතබ්බ

3. පාලනය කළ යුතු.

පාලෙත්වා

පූ.ක්‍රි. පාලනය කොට; රැකීම.

පාලෙති

(පාල+ණෙ) පවත්වයි; පාලනය කරයි; රකියි.

පාලෙතුං

නි. පවත්වන්නට; රකින්නට.

පාලෙන්ත

3. පාලනය කරමින්; රකින; රකිමින්.

පාවක

පු. ගින්න.

පාවචන

න. බුද්ධවචනය.

පාවස්සී

වැස්සේය.

පාවළා

ඉ. තට්ටම් දෙක.

පාවාර

පු. උතුරු සළුව.