බුද්ධදත්ත පාලි අකාරාදිය – 487

ඵාළිත

3. දෙපලු කළ; පළන ලද; විවෘත කළ.

ඵාළෙත්වා

පූ.ක්‍රි. පළා; විවෘත කොට.

ඵිත

3. සම්පත් ඇති; සමෘද්ධ වූ.

ඵිය

න. හබල.

ඵුට

3. පතළ; පැතිරුණු; පිරුණු.

ඵුඨ

3. පීඩිත වූ; ස්පර්ශ කළ; හැපුණු.

ඵුල්ල

3. පැළීගිය; පිපුණු; මල් පිපුණු.
න. පැල්ම.

ඵුල්ලිත

3. මල් පිපුණු.

ඵුසති

(ඵුස+අ) අරමුණු කෙරේ; අවබෝධ කෙරේ; ස්පර්ශ කෙරේ; හැපේ.

ඵුසන

න. ස්පර්ශ කිරීම.

ඵුසනා

ඉ. ස්පර්ශ කිරීම.

ඵුස්ස

පු. දුරුතු මස; පුසේ නැකත; ශුභ නිමිත්ත.

ඵුස්සරථ

පු. යුද්ධය පිණිස නොයොදන රාජ රථය; රාජරථය.

ඵුස්සරාග

පු. පුෂ්පරාග මැණික.

ඵුසිත

3. ස්පර්ශ කළ.
න. දියබින්දුව.

ඵුසිතක

3. බින්දු ඇති.

ඵුසිත්වා

පූ.ක්‍රි. ස්පර්ශ කොට.

ඵුසීයති

(ඵුස+ඊ+ය) ස්පර්ශ කරනු ලැබේ.

ඵෙග්ගු

න. එළය; හරයක් නැති දෙය.

ඵෙණ

න. පෙණ; සිහින් බුබුළු රැස.

ඵෙණපිණ්ඩ

පු. පෙණ ගුළිය.

ඵෙණිල

පු. පෙණෙලගස.

ඵෙණුද්දෙහකං

පෙන දමමින්.

ඵෙණුදෙදහක

3. පෙණ උඩට නගන; පෙණ දමන.