බුද්ධදත්ත පාලි අකාරාදිය – 505
භයානක
3. භය එළවන.
න. බියකරු දෙය.
භයාවහ
3. බියකරු දෙය; භය එළවන.
භය එළවන.
භර
3. පෝෂණය කළ හැකි.
භරණ
න. ඇති දැඩි කිරීම; පෝෂණය.
භරණී
ඉ. බෙරණ නැකත.
භරති
(භර+අ) ඇතිදැඩි කෙරේ; පෝෂණය කෙරේ.
භරිත
3. පිරුණු; පෝෂිත වූ; බරවූ.
භරියා
ඉ. භාර්යාව.
භල්ලාතක
3. බදුල්ලගස.
භල්ලී
ඉ. බදුල්ලගස.
භව
පු. අභිවෘද්ධිය; ඉපදීම; උපදිනා තැන; වීම.
භවග්ග
පු. අකනිටා බඹලොව; ඉතා උඩින් පිහිටි සත්වයන් උඵදනා තැන.
භවඞ්ග
න. ඉපදීමේදී ඇතිවූ මුල් සිත (රූපාදී අරමුණක් නොගන්නාවිට ඒ සිත පවතී.
භවචක්ක
න. පටිච්ච සමුප්පාදය; සසර උපදිමින් ඇවිදීම.
භවතණ්හා
ඉ. ඉපදීමේ ආශාව.
භවති
(භු+අ) උපදී; දියුණු වේ; වේ; සිදුවේ.
භවන
න. වීම; සිදුවීම.
භවන්ත
3. අභිවෘද්ධි ඇත්තා; පින්වත්; පින්වතා; වෙන; වෙමින්; සිදුවෙමින්.
භවන්තග
3. භවයේ කෙළවරට ගිය; සසරින් එතෙර වූ.
භවන්තගූ
3. භවයේ කෙළවරට ගිය; සසරින් එතෙර වූ.
භවන්තර
න. අන්ය උප්පත්තියක්; අන්යභවයක්.
භවනෙත්ති
ඉ. ඉපදීමේ ආශාව.
භවමාන
3. පින්වත්; වෙන; වෙමින්; සිදුවෙමින්.
භවසංයොජන
න. ඉපදීමේ ආශාව නමැති බැම්ම.