බුද්ධදත්ත පාලි අකාරාදිය – 523

මණ්ඩල

න. පිට්ටනිය; රටක කොටසක්; රවුම; රවුම් තට්ටුව; වටකුරු දෙය; ශාලාව; සමභූමිය.

මණ්ඩලග්ග

පු. කඩුව.

මණ්ඩලමාල

පු. රවුම් ශාලාව හෝ මලුව.

මණ්ඩලික

පු. එයට අධිපති වූ; විශාල ප්‍රදේශයකට අයත්.

මණ්ඩලිස්සර

පු. ආණ්ඩුකාරයා; ප්‍රදේශ රජ.

මණ්ඩලී

3. මණ්ඩලයක් ඇත්තා; හිරු.

මණ්ඩිත

3. අලංකෘත; සැරසූ.

මණ්ඩුක

පු. මැඬියා.

මණ්ඩෙත්වා

පූ.ක්‍රි. සරසා.

මණ්ඩෙති

(මඩි+ණෙ) අලංකාර කරයි; සරසයි.

මණි

පු. මැණික.

මණික

පු. මහ සැළිය; වළල්ල; වීදුරුවලින් සෑදු ආභරණය.
න. මහ සැළිය; වළල්ල; වීදුරුවලින් සෑදු ආභරණය.

මණික්ඛන්ධ

පු. විශාල මැණික.

මණිකාර

පු. මැණික් කපා පිළියෙළ කරන්නා.

මණිකුණ්ඩල

න. මැණික් කඩුක්කම; මිණි කො‍ඬොල.

මණිඩ

3. පිරිසිදු වූ; පු. ඉතා උසස් දෙය; ඉතා රසවත්.

මණිපල්ලඞ්ක

පු. මැණික් එබ්බූ ආසනය.

මණිබන්ධ

පු. අතේ වළලු කර.

මණිමය

3. මැණික් වලින් සෑදූ.

මණිරතන

න. වටිනා මැණික.

මණිවණ්ණ

3. මැණික් පැහැති.

මණිසප්ප

පු. සර්ප වර්ගයක්.

මත

න. අදහස.
3. දන්නා ලද; දැනගත්; මළ; මැරුණු.

මතක

3. මළවුන් පිළිබඳ.