බුද්ධදත්ත පාලි අකාරාදිය – 544
මුට්ඨි
පු. අතේ මිට; ඇල්ලීමට යොදා තිබෙන මිට; මිට.
මුට්ඨික
පු. ගුටි ඇනීමෙන් පොරබදන්නා.
මුට්ඨිමල්ල
පු. ගුටි ඇනීමෙන් පොරබදන්නා.
මුට්ඨියුද්ධ
න. ගුටි ඇනීමෙන් කරන පහරදීම.
මුණ්ඩ
3. තණකොළ ආදියෙන් තොර වූ; බූ ගෑ හිසැති; මුඩු වූ.
මුණ්ඩක
3. මුඩු හිසැත්තා.
මුණ්ඩච්ඡද්ද
පු. මහල උඩුමහලක් වනසේ තැනූ ගෙය; සඳලුතල සහිත ගෙය.
මුණ්ඩත්ත
න. හිසමුඩු බව.
මුණ්ඩපබ්බතක
පු. තෘණාදිය නැති පර්වතය.
මුණ්ඩිත
3. මුඬුකළ; හිස බූ ගෑ.
මුණ්ඩිය
න. හිසකෙස් නැති බව.
මුණ්ඩෙත්වා
පූ.ක්රි. මුඬුකොට හිස බූගා.
මුණ්ඩෙති
(මුණ්ඩ+ණෙ) බූ ගායි; මුඬු කරයි.
මුත
න. නාසය දිව සිරුර යන මේ දොරටුවලින් දැන ගත් දෙය.
මුත්ත
න. මූත්ර; සුලුදිය.
3. නිදහස් වූ; මිදුණු; වීසි කළ; හැරදැමූ.
මුත්තක
3. නිදහස් වූ; මිදුණු; වීසි කළ; හැරදැමූ.
මුත්තකරණ
න. මූත්ර කිරීම; ලිංගය.
මුත්තතා
ඉ. මිදුණු බව.
මුත්තවත්ථ
ඉ. මූත්ර පිරෙන වස්තිය.
මුත්තා
ඉ. මුතු.
මුත්තාචාර
3. අත්හැරි ශිෂ්ට පැවැතුම් ඇති.
මුත්තාජාල
න. මුතුදැල.
මුත්තාවලි
ඉ. මුතුමාලය; මුතුහර.
මුත්තාහාර
පු. මුතුමාලය; මුතුහර.