බුද්ධදත්ත පාලි අකාරාදිය – 58

අපායසහාය

පු. පාප මිත්‍රයා.

අපාර

3. පරතෙරක් නැති.
න. මෙතෙර.

අපාරුත

3. නො පෙරවූ; නො වැසූ; විවෘත වූ.

අපාලම්බ

පු. හේත්තුවන ඇන්ද.

අපාහාලු

3. ආශා නැති.

අපි

නි. එසේද වුවත්; තවද; නමුත්.

අපි ච

නි. එසේද වුවත්; තවද.

අපිධාන

න. පියන.

අපිනාම

නි. එසේ වුවොත් යෙහෙකි.

අපිලාපන

න. නො ඉල්පීම.
3. උඩ පා නොවෙන.

අපිස්සු

නි. තවද.

අපිහ

3. ආශා නැති.

අපෙක්ඛ

3. අපේක්ෂකයා; බලාපොරොත්තු වන්නා.

අපෙක්ඛක

3. අපේක්ෂකයා; බලාපොරොත්තු වන්නා.

අපෙක්ඛති

(අප+ඉක්ඛ+(අ)) බලාපොරොත්තු වේ.

අපෙක්ඛන

න. බලාපොරොත්තු වීම; බැලීම.

අපෙක්ඛන්ත

3. බලාපොරොත්තු වෙන; බලාපොරොත්තු වෙමින්.

අපෙක්ඛමාන

3. බලාපොරොත්තු වෙන; බලාපොරොත්තු වෙමින්.

අපෙක්ඛා

ඉ. බලාපොරොත්තුව.

අපෙක්ඛිත

ඉ. බලාපොරොත්තු වූ.

අපෙක්ඛිත්වා

පූ.ක්‍රි. අපේක්ෂා කොට.

අපෙක්ඛිය

පූ.ක්‍රි. අපේක්ෂා කොට.

අපෙක්ඛී

3. කැමති වන්නා; බලාපොරොත්තු වන්නා.

අපෙඛා

ඉ. බලාපොරොත්තුව.