බුද්ධදත්ත පාලි අකාරාදිය – 609

වාතවෙග

පු. වාතයේ වේගය.

වාතාතප

පු. සුළඟ හා අව්ව.

වාතාබාධ

පු. වාතයෙන් හටගත් රෝගය.

වාතාභිහත

3. සුළඟින් පහ කරන ලද.

වාතායන

න. කවුළුව; ජනේලය.

වාතාහට

3. සුළඟින් ගෙන ආ.

වාති

(වා+අ) සුළං හමයි; හමයි.

වාතික

3. වාතය සම්බන්ධ; වාතයෙන් හට ගත්.

වාතිඞ්ගණ

පු. වම්බටු.

වාතෙරිත

3. වාතයෙන් කම්පිත වූ.

වාද

පු. අදහස; කීම; ‍මත‍ භේදය.

වාදක

3. කියන්නා; වයන්නා.

වාදක්ඛිත්ත

3. තමාගේ මතය බිඳින ලද්දේ.

වාදකාම

3. වාද කරනු කැමති.

වාදන

න. නාද කිරීම; වැයීම.

වාදපථ

පු. වචනයෙන් කිය හැකි දෙය; විවාදයට හේතු වූ කරුණ.

වාදිත

න. තූර්ය භාණ්ඩය; තූර්ය වාදනය; වාද්‍යය.

වාදිනී

ඉ. කියන්නී.

වාදී

3. කියන්නා; දේශනා කරන්නා; වාද කරන්නා.

වාදීවර

පු. වාදීන්ට අග්‍ර වූ බුදුරද.

වාදෙති

(වද+ණෙ) තූර්යයක් ශබ්ද කරවයි; වාදනය කරයි.

වාන

න. ඇ‍ඳේ වියමන; තෘෂ්ණාව.

වානර

පු. වඳුරා.

වානරින්ද

පු. වඳුරු රජ.