බුද්ධදත්ත පාලි අකාරාදිය – 611
වායොකසිණ
න. භාවනාවට අරමුණු වශයෙන් ගත් සුළඟ.
වායොධාතු
ඉ. පතුරුවන සොලවන ශක්තිය; වායු ධාතුව.
වාර
පු. අවස්ථාව; වාරය.
වාරක
පු. කළය; ජග්ගුව.
වාරණ
න. ඇත්කඳ ලිහිණියා; ඇතා; වැළැක්වීම.
වාරි
න. ජලය.
වාරිගොචර
3. දියෙහි ජීවත් වෙන; දියෙහි හැසිරෙන.
වාරිජ
පු. මත්ස්‍යයා.
න. පියුම.
3. දියෙහි හටගත්.
වාරිත
3. වළක්වනු ලැබූ; වැළැක් වූ.
වාරිත්ත
න. නොකළ යුතු දෙය; වැළකී සිටිය යුතු දෙය.
වාරිද
පු. වලාකුළ.
වාරිධර
පු. වලාකුළ.
වාරිමග්ග
පු. දිය බැසයන මාර්ගය.
වාරියමාන
3. වළක්වනු ලබන.
වාරිවාහ
පු. වලාකුළ.
වාරුණී
ඉ. මත් පැන; ශුභා ශුභ නිමිති කියන්නී.
වාරෙතබ්බ
3. වැළැක්විය යුතු.
වාරෙත්වා
පූ.ක්‍රි. වළක්වා; විවාහ නියම කොට.
වාරෙති
(වර+ණෙ) වළක්වයි; විවාහ යෝජනා කරයි.
වාරෙතුං
නි. වළක්වන්ට.
වාරෙන්ත
3. වලක්වන; වළක්වමින්.
වාල
3. දරුණු; නපුරු; පු. අස් කෙඳි; හිස කෙස්.
වාලකම්බල
න. අස් කෙඳි වලින් වියූ වස්ත්‍රය.
වාලග්ග
න. වාලධිය අග; හිස කෙස් අග.