බුද්ධදත්ත පාලි අකාරාදිය – 619

විච්ඡින්දන

න. නැසීම; සිඳ දැමීම.

විච්ඡින්දන්ත

3. සිඳින; සිඳිමින්.

විච්ඡින්දිත

3. සිඳ දැමූ.

විච්ඡින්දිත්වා

පූ.ක්‍රි. කඩ කොට; වළක්වා; සිඳ දමා.

විච්ඡින්දිය

පූ.ක්‍රි. කඩ කොට; වළක්වා; සිඳ දමා.

විච්ඡින්න

3. සිඳ දැමූ.

විච්ඡෙද

පු. බෙදීම; විනාශය; වෙන් කිරීම; සිඳීම.

විචාර

පු. එනම් චෛතසිකය; සලකා බැලීම.

විචාරක

3. පරීක්ෂා කරන්නා; හසුරුවන්නා.

විචාරණ

න. නියම කිරීම; පරීක්ෂාව; පිළියෙළ කරවීම; විධාන කිරීම.

විචාරණා

ඉ. නියම කිරීම; පරීක්ෂාව; ‍පි‍ළියෙළ කරවීම; විධාන කිරීම.

විචාරිත

3. විධාන කළ; සිතා බැලූ.

විචාරෙත්වා

පූ.ක්‍රි. තෝරා; නියම කොට; විමසා.

විචාරෙති

(වි+චර+ණෙ) පාලනය කරයි; විධාන කරයි; විමසයි; සිතා බලයි.

විචාරෙතුං

නි. විධාන කරන්ට; විමසන්ට.

විචිකිච්ඡති

(වි+කිත+ඡ) නිශ්චයට නොබසී; සැක කරයි.

විචිකිච්ඡා

ඉ. අනිෂ්චය; සැකය.

විචිකිච්ඡිත

න. සැකය.
ඉ. සැක කළ.

විචිණ්ණ

3. විමසූ; සිතා බැලූ.

විචිත

3. තේරූ; තෝරා ගත්.

විචිත්ත

3. විචිත්‍ර; විසිතුරු වූ.

විචිනන

න. තෙරීම; තෝරා ගැන්ම; විමසීම.

විචිනන්ත

3. අවුලමින්; සොයන; සොයමින්.

විචින්තිය

පූ.ක්‍රි. සිතා; සිතා බලා.