බුද්ධදත්ත පාලි අකාරාදිය – 627

විදාලිත

3. පැළු.

විදාලෙත්වා

පූ.ක්‍රි. පළා.

විදාලෙති

(වි+දල+ණෙ) දෙපලු කරයි; පළයි.

විදාලෙන්ත

3. පළන; පළමින්.

විදිත

3. දැනගත්; ප්‍රකට.

විදිතත්ත

න. දැනගත් බව.

විදිසා

ඉ. අනු දිශාව.

විදුග්ග

න. දුර්ගමස්ථානය.
3. ගමනට අපහසු.

විදුර

3. නුවණැති.

විදූ

3. නුවණැත්තා; නුවණැති.

විදූර

3. ඉතා දුර වූ.

විදූසිත

3. දූෂණය කළ.

විදූසෙති

(විදූස+ණෙ) කෙලෙසයි; දූෂණය කරයි.

විදෙස

පු. ‍පර දේශය; පිට රට.

විදෙසික

3. පර දේශිකයා.

විදෙසී

3. පර දේශිකයා.

විධ

3. ආකාර ඇති; කොටස් ඇති.

විධමක

3. විනාශ කරන; විනාශ කරන්නා.

විධමන

න. විනාශ කිරීම.

විධමිත

3. විනාශ කළ.

විධමෙත්වා

පූ.ක්‍රි. විනාශ කොට.

විධමෙති

(වි+ධුම+ණෙ) විනාශ කරයි.

විධවා

ඉ. වැන්දඹු ස්ත්‍රිය; වැන්දඹුව.

විධා

ඉ. මානය.