බුද්ධදත්ත පාලි අකාරාදිය – 638

විභෙදක

3. කේලාම් කියන්නා; භේද කරන්නා.

විමජ්ජන

න. ඉළීම; පිරිමැදීම; මට්ටම් කිරීම.

විමට්ඨ

3. පිරිමැදි; මට්ටම් කළ.

විමති

ඉ. සැකය.

විමද්දන

න. පොඩි කරීම; මැඩීම; මිරිකීම.

විමන

3. නොසතුටු සිතැති.

විමල

3. නිර්මල; පිරිසිදු.

විම්භිත

3. පුදුම වූ; විස්මයට පත්.

විම්හය

පු. විස්මය.

විම්හාපක

3. පුදුම කරවන; විස්මය එළවන.

විම්හාපන

න. පුදුම කරවීම.

විම්හාපෙති

(වි+ම්හි+ණාපෙ) පුදුම කරවයි; විස්මය කරවයි.

විමාන

පු. න. දේව භවනය; ප්‍රාසාදය; විමන.

විමානන

න. අවමන් කිරීම.

විමානපෙත

පු. කලක් දුක්ද කලක් සැපද විඳින අමනුශ්‍යයා.

විමානවත්ථු

න. දෙව් විමන් පිළිබඳ කථාව.

විමානෙති

(වි+මාන+ණෙ) අවමන් කරයි.

විමුඛ

3. ඉවත හැර වූ මුහුණු ඇති.

විමුච්චති

(වි+මුච+ය) නිදහස් වේ; මිදේ.

විමුච්චන

න. නිදහස් වීම.

විමුච්චන්ත

3. නිදහස් වන; නිදහස් වෙමින්.

විමුච්චමාන

3. නිදහස් වන; නිදහස් වෙමින්.

විමුච්චිත්වා

පූ.ක්‍රි. නිදහස් වී; මිදී.

විමුච්චිතුං

නි. මිදෙන්ට.