බුද්ධදත්ත පාලි අකාරාදිය – 675

සංවෙජෙත්වා

පූ.ක්‍රි. බියපත් කරවා; සංවේග උපදවා.

සංවෙජෙති

(සං+විජ+ණෙ) උත්සාහවත් කරයි; බියපත් කරයි; සංවේග උපදවයි.

සංවෙජෙන්ත

3. බියපත් කරවන; සංවේග උපදවමින්.

සංසග්ග

පු. ආශ්‍රය; එක් වීම; සම්බන්ධය.

සංසට්ඨ

3. මිශ්‍ර වූ.

සංසත්ත

3. ඉතා ඇලුණු.

සංසන්දති

(සං+සන්ද+අ) එකඟ වේ; ගැළපේ; සැස‍ඳේ.

සංසන්දනා

ඉ. ගැළපීම; සැසඳීම.

සංසන්දිත

3. ගළපා බැලූ; සම්බන්ධ කළ.

සංසන්දිතබ්බ

3. ගළපා බැලිය යුතු.

සංසන්දිය

පූ.ක්‍රි. ගළපා බලා; සසඳා.

සංසන්දෙත්වා

පූ.ක්‍රි. ගළපා බලා; සසඳා.

සංසන්දෙති

(සං+සන්ද+ණෙ) ගළපයි; සසඳා බලයි.

සංසන්දෙතුං

නි. ගළපා බලන්ට.

සංසප්පති

(සං+සප්ප+අ) බඩගාමින් යයි; හෙමින් යයි.

සංසප්පන

න. දැඟලීම; බඩ ගා යාම.

සංසය

පු. අනුමානය; සැකය.

සංසරණ

න. අවිදීම.

සංසරති

(සං+සර+අ) ඇවිදී; නැවත නැවත උපදී; හැසිරේ.

සංසරන්ත

3. ඇවිදින; ඇවිදිමින්; ඇවිදිමින්.

සංසරමාන

3. ඇවිදින.

සංසරිත

3. ඇවිදින ලද; හැසුරුණු.

සංසරිත්වා

පූ.ක්‍රි. ඇවිද; ගමන්කොට.

සංසාදෙති

(සං+සද+ණෙ) නවත්වා තබයි.