බුද්ධදත්ත පාලි අකාරාදිය – 75

අභිහිත

3. කියන ලද.

අභීත

3. බිය නොවූ; භය නැති.

අභීරු

3. නිර්භය; බියසුලු නොවූ.

අභීරුක

3. නිර්භය; බියසුලු නොවූ.

අභුජති

(ආ+භුජ+අ) අකුලා ගනී; බැඳ ගනී (පලඟ).

අභූත

න. අසත්‍යය.
3. නොවූ.

අභූතක්ඛාන

න. බොරුකීම.

අභූතවාදී

3. බොරු කියන්නා.

අභෙජ්ජ

3. නො බිඳිය හැකි.

අභොජ්ජ

3. අනුභව නො කළ යුතු.

අමච්ච

පු. අඳුනන අය; ඇමතියා.

අමජ්ජ

3. මත්වීම නො කරන; වද්‍ය නොවූ.

අමජ්ජප

3. මත්පැන් නො බොන.

අමත

න. සුධාභෝජනය.
න. අමෘත පානය; නිවන.
3. නො මළ.

අමතඤ්ඤුතා

ඉ. පමණ නො දැනීම.

අමතන්දද

3. නිවන් දෙන; නිවන් දෙන්නා.

අමතපද

න. නිවණට හෝ නො මැරීමට කාරණය.

අමත්ත

3. මත් නොවූ.
න. කුඩා භාජනයක්.

අමත්තඤ්ඤු

3. පමණ නො දන්නා.

අමත්තෙය්‍ය

3. මවු වරුන්ට නො සලකන.

අමත්තෙය්‍යතා

ඉ. මවු වරුන්ට සංග්‍රහ නො කිරීම.

අමතා

ඉ. නෙල්ලි.

අමතොගධ

3. නිවනට බැසගත්.

අමනුස්ස

3. මනුෂ්‍ය නොවූ; පු. අමනුෂ්‍යයා; භූතයා.