බුද්ධදත්ත පාලි අකාරාදිය – 76
අමම
3. මමත්වය නැති.
අමර
3. මරණ නැති; පු. දෙවියා.
අමරා
ඉ. ආඳා.
අමරාවික්ඛෙපික
3. ආඳා මෙන් ලිස්සා පැන යන.
අමල
3. කිලුටු නැති; නිර්මල.
අම්බ
පු. අඹ ගස.
අම්බඞ්කුර
පු. අඹ දලුව.
අම්බට්ඨා
ඉ. දියමිත්ත.
අම්බපක්ක
න. ඉදුණු අඹ ගෙඩිය.
අම්බපාන
න. අඹ පානය.
අම්බපිණ්ඩි
ඉ. අඹ වල්ල.
අම්බපෙසිකා
ඉ. අඹ පෙත්ත.
අම්බඵල
න. අඹ ගෙඩිය.
අම්බර
න. අහස; වස්ත්රය.
අම්බලට්ඨිකා
ඉ. තරුණ අඹ ගස.
අම්බවන
න. අඹ උයන.
අම්බසණ්ඩ
පු. අඹ වනය.
අම්බා
ඉ. මව.
අම්බාටක
පු. ඇම්බරැල්ල ගස.
අම්බිල
3. ඇඹුල; ඇඹුල් රසැති.
අම්බිලිකාඵල
න. බිලින් හෝ ඇඹිල්ල ගෙඩි.
අම්බු
න. ජලය.
අම්බුචාරී
3. දියෙහි හැසිරෙන; පු. මත්ස්යයා.
අම්බුජ
3. දියෙහි හටගත්.
න. පියම.
පු. මත්ස්යයා.