සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 400

කුසලාභීසන්ද

න. කුසල් සිත් වැඩීම. (පි. 258)

කුසලී

ඉ. නිදුක්බව. (පි. 258)

කුස්සුභ

පු. කුඩාවිල, කුස්සෙම්භ. (පි. 258)

කුස්සොභ

පු. කුඩාවිල, කුස්සුබ්භ (පි. 258)

කුසා

ඉ. නාස්ලනුව. (පි. 258)

කුසි

න. භික්ෂූන්ගේ සිවුරුවල දිගමැසීමක්, දිගනුවාව.
√ භු. කීමෙහි, කුංසති, කියයි.
√ චු. කීමෙහි, දීප්තියෙහි, කුංසෙති, කුංසයති, කියයි, බබලයි. (පි. 258)

කුසිනාරා

ඉ. එනම් නුවර. (පි. 258)

කුසී

න. භික්ෂූන්ගේ සිවුරුවල දිගමැසීම් සතරින් එකක්. (පි. 258)

කුසීත

ති. කම්මැලි, හීනවීර්‍ය්‍යය. (පි. 258)

කුසුම

න. මල්, ඔසප්ථ මල්වරවීම. (පි. 258)

කුසුමපුර

න. පාටලී පුත්‍රනගරය, පැළලුප් නගරය. (පි. 259)

කුසුමඵල

න. සාදික්කා. (පි. 259)

කුසුම්භ

න. රතුපාට ඇතිකරගැනීමට පාවිච්චිකරණ මල්වර්ගයක්. (පි. 258)

කුසුමිත

ති. මල් ඇති, පොහොට්ටු සහිත. (පි. 258)

කුසුමෙසු

පු. අනඞ්ගයා, කාමයා. (පි. 258)

කුසූල

පු. කොටුව, කොටුගුල. (පි. 259)

කුසෙසය

න. පද්මය. (පි. 259)

කුහ

පු. පුදුමඑළවන්නා.
√ චු. විස්මය පත්කිරීමෙහි, කුහෙති, කුහයති, විස්මය පත්කෙරෙයි, පුදුම කෙරෙයි. (පි. 259)

කුහං

අ. කුහිං, කුහිංචනං, කොතැන්හි, කොහේ. (පි. 259)

කුහක

පු. කුහකයා, නැතිගුණ පෙන්වන්නා. (පි. 259)

කුහනා

ඉ. වංචාක්‍රියා. (පි. 259)

කුහර

න. (කු+හර) හරනැති, සිදුර, පර්‍වත සිදුර, විවරය. (පි. 259)

කුහිත්වා

පු.ක්‍රි. රවටා, වංචාකොට. (පි. 259)

කුහිලාකා

ඉ. කුබලී මල්. (පි. 259)