සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 399

කුලීරපාද

පු. කකුළුවන්ට බඳු සටහන් ඇති මඤ්ච විශේෂයක්, කකුළු පා වැනි පා ඇති ඇඳ. (පි. 258)

කුලුඞ්ක

පු. කරුව, රුකුල, කුඩා පක්ෂිවර්ගයක්. (පි. 258)

කුලුඞ්කපාදක

පු. කරුව, රුකුල, දෙබල. (පි. 258)

කුලුම්බ

න. ගැබ, ගර්භය. (පි. 258)

කුව

න. උපුල්, පියුම්, ජලජපුෂ්ප. (පි. 258)

කුවන්ත

ශබ්දකරණ, කොපමණ. (පි. 258)

කුවල

න. ඩෙබර. (පි. 258)

කුවලය

න. උපුල්. (පි. 258)

කුවාද

පු. කැතවාදය, අපවාදය. (පි. 258)

කුවින්ද

පු. රෙදිවියන්නා. (පි. 258)

කුවිලාර

න. දෙව්ලොව ඇති කොවිලාර වෘක්ෂය. (පි. 258)

කුවිවාහ

පු. මිශ්‍රජාතීන් විවාහය. (පි. 258)

කුවෙණි

ඉ. කෙමෙණ, නින්දිතකෙශකලාප ඇත්තී. (පි. 258)

කුවෙනී

ඉ. කොස්ලිහිණියා. (පි. 258)

කුවෙර

පු. වෙසවුණුරජ, වෛශ්‍රවණ නම් වරම්රජ. (පි. 258)

කුවෙරක්ඛී

ඉ. කුඹුරවැල, පළොල්ගස. (පි. 258)

කුස

√ තු. සිඳීමෙහි, පිරීමෙහි, කුසති.
√ භු. ආක්‍රෝශයෙහි, කුසති, කොසති, අක්කොසති, ආක්‍රෝශකෙරෙයි.
√ භු. ආමන්ත්‍රණයෙහි, හැඬීමෙහි, කොසති, පක්කොසති, හඬයි, ආමන්ත්‍රණය කරයි.
√ දි. හැරීමෙහි, බැබලීමෙහි, වැලඳගැන්මෙහි, කුස්සති, බැහැරකරයි, බබලයි, වැලඳගනියි.
පු. කුශතෘණ, කුසපත්. (පි. 258)

කුසග්ග

න. තණ අග. (පි. 258)

කුසචීර

න. තණවලින් තනාගත් ඇඳුම, කුසතණින්කළ සිවුර. (පි. 258)

කුසති

ඉ. සටබව, කපටිබව. (පි. 258)

කුසමුට්ඨි

න. තණමිටක්. (පි. 258)

කුසල

පු. මධුර විපාකයෙහි.
ති. දක්ෂ, අනවද්‍ය.
න. ආරෝග්‍යය, මඞ්ගල්‍යය. (පි. 258)

කුසලවිතක්ක

න. නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා යන ත්‍රිවිධ කුසල විතර්‍ක. (පි. 258)

කුසලසීල

න. ජීවිතයේ හොඳ පැවැත්ම. (පි. 258)