සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 429
ගාථක
පු. ගාථාවන්ගෙන් යුත්, ගාථා ඇති. (පි. 274)
ගාථා
ඉ. පාලි පද්‍යය, පාලි කවි පාද තුණකින් පාද සයකින් යුත් පද්‍යය. ආර්ය්යා ඡන්දස, විෂමාක්ෂර විෂමපාද ඇති ශ්ලොක. (පි. 274)
ගාථාභිගීත
න. මනාකොට ගැයූ ගීතය. (පි. 274)
ගාථාවසාන
න. ගාථාවේ අවසන්හි. (පි. 274)
ගාධ
පු. ප්‍රතිෂ්ඨාව, නොගුඹුර, අගාධ බලනු.
√ භු. පතිට්ඨායං, පිහිටීමෙහි, ගාධති, පිහිටයි. (පි. 274)
ගාධති
ක්‍රි. (ගාධ √ භු. පතිට්ඨායං, පිහිටීමෙහි +ති) පිහිටයි. (පි. 274)
ගාන
න. ගී කීම. (පි. 274)
ගාම
පු. ග්‍රාමය, ගම, සමූහය. (පි. 274)
ගාමක
පු. ගමට අයිති, ගම පිළිබඳ. (පි. 274)
ගාමකථා
ඉ. ගම්මැදි කතා, ගැමිකතා. (පි. 274)
ගාමකූට
න. ගැමි වංචාව. (පි. 274)
ගාමගත
ති. ගමට ගිය. (පි. 274)
ගාමචාර
න. ගම්දොර, ගමට ඇතුළත්වන දොර. (පි. 274)
ගාමජන
පු. ගමේ මිනිස්සු. (පි. 274)
ගාමජෙට්ඨක
පු. ගම් දෙටුවා, ගම්ප්‍රධානියා. (පි. 274)
ගාමණි
ති. ගම්දෙටු, ශ්‍රේෂ්ඨ, අධිපති. (පි. 274)
ගාමණික
ති. ග්රාමණික, ග්‍රාමික. (පි. 274)
ගාමණීය
පු. හස්ත්යශ්වාදීන් හික්මවන ආචාර්‍ය්‍යයා. (පි. 274)
ගාමදාරක
පු. ගම්දරුවෝ. (පි. 274)
ගාමධම්ම
පු. ග්‍රාම්‍ය ධර්මය, මෙවුන්දම්, නින්දිත ස්වභාව. (පි. 274)
ගාමන්ත
පු. ග්‍රාමාන්තය, ගම්සීමාව. (පි. 274)
ගාමපොද්දව
පු. ඡවිරාග මණ්ඩණයෙහි යෙදුනු නාගරිකයා. (පි. 274)
ගාමබන්ධන
න. ගමින් පිට නොයන පරිදි බැඳීම, ගමේම සිරකර තැබීම. (පි. 274)
ගාමභොජක
පු. මැළාදෑනියා. (පි. 274)