සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 432

ගිරි

පු. පර්‍වතය, කන්ද. (පි. 275)

ගිරිකණ්ණි

ඉ. කටරොළු. (පි. 275)

ගිරිකණ්ණිකා

ඉ. කටරොළු. (පි. 275)

ගිරිකන්නි

පු. ගිරිනිල් ගස. (පි. 275)

ගිරිගබ්භර

න. පර්‍වත ගුහාව, පර්‍වත සිදුර. (පි. 275)

ගිරිගබ්භාර

න. පර්‍වත ප්‍රාන්තය. (පි. 275)

ගිරිගුහා

ඉ. පර්‍වත ගුහාව. (පි. 275)

ගිරිබ්බජ

පු. පර්‍වතවලින් වටවූ ප්‍රදේශය, පර්‍වත වලින් වටවූ ගාල. (ගිරි+බජි=වජ) රජගහ නුවර. (පි. 275)

ගිරිමල්ලීකා

ඉ. කෙළිඳ ගස. (පි. 275)

ගිරිමෙඛල

පු. ගිරිමෙවුල, වසවර්‍තතිගේ ඇතා. (පි. 275)

ගිරියා

ඉ. සිනිමා සන්දර්‍ශනයක්. (පි. 275)

ගිරිස

පු. ඊශ්වරයා. (පි. 275)

ගිරිසිඛර

න. කඳු මුදුන. (පි. 275)

ගිරිසිඞ්ග

න. පර්‍වත සිඛර, පර්‍වතකූට. (පි. 275)

ගිල

√ භු. අදනෙ, කෑමෙහි, ගිලති, ගිලියි, කයි.
√ තු. අදනෙ, කෑමෙහි, ගිලියි, කයි. (පි. 275)

ගිලති

ක්‍රි. ගිල √ භු. අදනෙ, කෑමෙහි (ගිල+ති) කයි. (පි. 275)

ගිලා

√ දි. හාසක්ඛයෙ සතුටු ගෙවීමෙහි, මිරිකීමෙයි, ගිලායති, නොසතුටුවෙයි, මිරිකෙයි. (පි. 275)

ගිලාන

පු. ලෙඩා, රොගියා. (පි. 276)

ගිලානක

පු. ගිලනා, ලෙඩා. (පි. 276)

ගිලානපච්චය

පු. ගිලන්පස, ගිලනුන්ට හිත බෙහෙත් ආදිය. (පි. 276)

ගිලානසාලා

ඉ. ආරෝග්‍ය ශාලාව. (පි. 276)

ගිලානාලය

න. අසනීප බව දැක්වීම. (පි. 276)

ගිලානුපට්ඨාන

න. ගිලනුන්ට උපස්ථානකිරීම. (පි. 276)

ගිලානුපට්ඨායක

පු. රෝගීන්ට උපස්ථාන කරන්නා. (පි. 276)