සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 431

ගාහාපෙති

ක්‍රි. (ගහ √ භු. උපාදානෙ, ගැනීමෙහි +ණපෙ+ති) ගන්වයි. (පි. 275)

ගාහික

ති. ගැනීම කරන, ගැනීම කරන්නා. (පි. 275)

ගාහී

ඉ. ගිවුළු. (පි. 275)

ගාළව

පු. ලොත්. (පි. 275)

ගාළ්හ

ති. දැඩි, තද, අතිශය. (පි. 275)

ගි

√ සු. සද්දෙ, ශබ්දකිරීමෙහි. (පි. 275)

ගිඞ්ගමක

න. කරපළඳනා මාල විශේෂයක්. (පි. 275)

ගිජකා

ඉ. උලු. (පි. 275)

ගිජ්ඣ

පු. ගිජු තැනැත්තා, ගිජු ලිහිණියා.
ති. ආශා සහිත, ගිජුලෙස. (පි. 275)

ගිජ්ඣක

පු. ගිජුතැනැත්තා ගිජු ලිහිණියා. (පි. 275)

ගිජ්ඣකූට

පු. ගිජුගුළු, ගිජ්ඣකූට පර්‍වතය. (පි. 275)

ගිජ්ඣති

ක්‍රි. (ගිධු √ දි. අභිකඞ්ඛායං, ගිජුවීමෙහි +ති) ගිජුවෙයි. (පි. 275)

ගිද්ධි

ඉ. ආශාව.
√ දි. ගෙධෙ, ගිජුවීමෙහි, පැතීමෙහි, ගිජ්ඣති, ගිජුවෙයි, ලොල්වෙයි. (පි. 275)

ගිද්ධිමා

ති. ගිජුවූ, ආශාවූ, ආශාවෙන් පිරුණු. (පි. 275)

ගිධ

√ දි. ගෙධෙ, ගිජුවීමෙහි, පැතීමෙහි, ගිජ්ඣති, ගිජුවෙයි, ලොල්වෙයි. (පි. 275)

ගිනි

පු. ගින්න. (පි. 275)

ගිබ්බාන

පු. දෙවියා, ගීර්‍වාණ. (පි. 275)

ගිම්හ

පු. ග්‍රීෂ්ම ඍතුව, ග්‍රීෂ්මය, උෂ්ණය. (පි. 275)

ගිම්හාන

පු. බක්මස ආදී සාරමසක් වූ කාලය බක්, වෙසක්, පොසොන්, ඇසළ යන සාර මාසය. (පි. 275)

ගිම්හික

පු. ගිම්හානයට අයත්, ග්‍රීස්ම ඍතුවට ඇතුළත්. (පි. 275)

ගිර

√ භු. නිගිරණාදිසු, කීම් ආදියෙහි, ගිරති කියයි, ප්‍රසවකරයි, වෑස්සෙයි. (පි. 275)

ගිරග්ග

න. පර්‍වත කූටය, කඳු මුදුන. (පි. 275)

ගිරග්ගසමජ්ජ

න. රජගහ නුවර අවුරුදුපතා පවත්වන සැණකෙළියක්. (පි. 275)

ගිරා

ඉ. තෙපුල, වචනය. (පි. 275)