සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 454

චිත්තලතා

ඉ. ශක්‍රයාගේ එනම් උයන. (පි. 287)

චිත්තවිබ්භම

පු. චිත්තවිභ්‍රමය වියරුව, උමතු වීම. (පි. 287)

චිත්තවිවෙක

පු. සිතට විවේකය. (පි. 287)

චිත්තසිබ්බන

න. විසිතුරු මැහීම. (පි. 287)

චිත්තා

ඉ. සිත නැකත. (පි. 287)

චිත්තාභොග

පු. මෙනෙහි කිරීම. (පි. 287)

චිත්ති

ඉ. විචිත්‍රය, විසිතුර. (පි. 287)

චිත්තිකා

ඉ. වීමෙන් විසිතුරු ඇතිරිය. (පි. 287)

චිත්තිකාර

පු. ගරුකිරීම, බුහුමන් කිරීම. (පි. 287)

චිත්තිත

ති. අලංකාර කළ, චිත්‍රකර්‍ම කළ. (පි. 287)

චිත්තෙකග්ගතා

ඉ. චි‍ත්තෛකාග්‍රතාව, සිත එකඟ බව. (පි. 287)

චිත්‍ර

ති. විසිතුරු, විචිත්‍ර. (පි. 287)

චිත්‍රතණ්ඩූලා

ඉ. වලඟසාල්. (පි. 287)

චිත්‍රහාණු

පු. වහ්නිය, සූර්‍ය්‍යයා. (පි. 287)

චිති

√ චු. සඤ්ඤාණෙ, සිතීමෙහි, චෙතති, සිතයි.
ක්‍රි. (√ චු. චින්තායං, සිතීමෙහි +ණෙ+ති) චින්තෙති සිතයි. (පි. 287)

චිද්වා

ඉ. සිංඹලා, සිනිඹලා. (පි. 287)

චින්ත

√ චු. චින්තායං සිතීමෙහි, චින්තෙති, චින්තයති, සිතයි.
√ චු. චින්තිකරණෙ, විසිතුරු කිරීමෙහි චිත්තෙති, චිත්තයති, විචිත්‍ර කෙරෙයි. (පි. 287)

චින්තක

පු. සිතා බලන්නා, සිතන්නා. (පි. 288)

චින්තන

න. සිතීම, චින්තනය. (පි. 287)

චින්තනක

ති. හැඟීම් සහිත, සිතීම් සහිත. (පි. 288)

චින්තා

ඉ. සිතීම, සිතිවිල්ල. (පි. 288)

චින්තාමණි

ඉ. චිත්තාවාර දැනගන්නා ගන්ධාර රට පැවති විද්‍යාවක්, සිතුමිණි රුවන චින්තාමාණික්‍යය. (පි. 288)

චින්තිත

ති. සිතනලද, සිතූ. (පි. 288)

චින්තී

ඉ. සිතන්නා, සිහිකරන්නා. (පි. 288)