සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 531

ධුත්ත

පු. වචකයා, ධූර්‍තකයා.
පු. අත්තනගස, දූකෙළින්නා, ධූර්‍තයා. (පි. 329)

ධුත්තක

පු. දූර්‍තකයා. (පි. 329)

ධුත්තුර

පු. අත්තනගස. (පි. 329)

ධුනන

න. කම්පාවීම, සෙලවීම. (පි. 329)

ධුනමාන

න. කම්පාවෙනු ලබන. (පි. 329)

ධුප

√ භු. සන්තාපෙ, තැවීමෙහි, ධූපති, තැවෙයි. (පි. 329)

ධුබ්බි

√ භු. හිංසායං, හිංසාවෙහි, ධුබ්බති, හිංසා කෙරෙයි. (පි. 329)

ධුර

√ භු. කුටිල බැව්හි, ධුරති, කුටිල වෙයි.
පු. වියදඬු, අධිකාර වීර්ය්‍ය, ප්‍රධාන, සමීප. (පි. 329)

ධුරවාහී

පු. ධුරවෘෂභයා, බර උසුලන ගොණා. (පි. 329)

ධුව

න. තර්‍ක, නිශ්චිතාර්ථ, නිවන, නිරන‍්තර, ස්ථිර, නියම, එකාන‍්ත.
√ භු. ගතියං, ගමන් ස්ථිර බැව්හි, ධුවති, යෙයි.
පු. නොනස්නා දෙය. (පි. 329)

ධුවං

අ. ස්ථිර නියමයෙහි, එකාන්තයෙහි. (පි. 329)

ධුවකාල

පු. නිතිකල්. (පි. 329)

ධූ

ති. සැලීමෙහි. (පි. 329)

ධූත

ති. හරණ ලද, බැහැර කරන ලද. (පි. 329)

ධූප

√ චු. දීප්තියෙහි, ධූපෙති, ධූපයති, බබලයි, දුවයි. (පි. 329)

ධූපාදිසංඛාර

පු. සුවඳ දුම් කැවීම් ආදී සංස්කරණය. (පි. 329)

ධූපායති

ක්‍රි. (√ ධූපාසන‍්තාපෙ, තැවීමෙහි +ති) දුම්ගසයි. (පි. 329)

ධූපිත

ති. තවන ලද, රත් කරන ලද. (පි. 330)

ධූම

පු. දුම. (පි. 330)

ධූමකෙතු

පු. උත්පාතය, වහ්නිය, උල්කාපාතය. (පි. 330)

ධූමනෙත්ත

න. දුම්කවුළු. (පි. 330)

ධූමසිඛ

පු. ගිනි, එනම් නාරජ. (පි. 330)

ධූම්‍යාට

පු. නීල කොබෙයියා. (පි. 330)

ධූමායති

ක්‍රි. (√ භු. ධු කම්පනෙ, සැලීමෙහි +ති), කම්පා කරයි. (පි. 330)