සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 532

ධූමායනා

ඉ. දුම්බීම, දුම්ගැසීම. (පි. 330)

ධූලි

ති. රජස්, දූවිලි. (පි. 330)

ධූස

√ චු. දිත්තියං, බැබලීමෙහි, ධූසෙති, ධූසති, බබළයි. (පි. 330)

ධූසර

පු. මඳක් පඬු පැහැය, මදරත. (පි. 330)

ධෙ

√ භු. පානෙ, පීමෙහි, ධයති, පානය කරයි, ධෙනු.
√ භු. සද්දෙ, ශබ්දය රැස්වීමය යන මෙහි, ධායති, ශබ්ද කරයි, රැස්වෙයි. (පි. 330)

ධෙක

√ භු. සද්දෙ, ශබ්දය, උත්සාහය, යන මෙහි, ධෙකති, ශබ්ද කරයි, උත්සාහ කරයි. (පි. 330)

ධෙනු

ඉ. දෙන, අලුත වැදූ දෙන. (පි. 330)

ධෙනූප

පු. දෙනගෙන් කිරි බොන පැටියා, කිරි බොන්නා. (පි. 330)

ධෙය්‍ය

ති. දෙන, දෙන ලද. (පි. 330)

ධෙවත

පු. එනම් ස්වරය. (පි. 330)

ධොත

පු. පිරිසිදු කරන ලද, සෝදන ලද. (පි. 330)

ධොනා

ඉ. ප්‍රඥාව. (පි. 330)

ධොපන

න. මල නෑයින්ගේ මිනී ඇට ඉදිරිපිට තබා කකා බිබී සෝක කිරීම, ඉන්ද්‍රජාලයන් ඇට සෝදා පෙන්නීම. (පි. 330)

ධොර

√ භු. ගතිවාතුරියං, ගමන් දක්ෂ බැව්හි, ධොරති, ගමනෙහි දක්ෂ වෙයි. (පි. 330)

ධොරයහ

පු. ධුර උසුලන්නා, ධුරවෘෂභයා, ඉසිලිය හැකි බර ඇත්තා. (පි. 330)

ධොරිතක

පු. ධාරා නම් අශ්වගණියක්. (පි. 330)

ධොවන

න. සේදීම, ඇපිල්ලීම. (පි. 330)

ධොවිත

ති. සෝදන ලද, සේදූ. (පි. 330)

ධොවු

√ භු. ධොවනෙ, සේදීමෙහි, ධොවති, සෝදයි. (පි. 330)

න

අ. ප්‍රතිෂෙධයෙහි, නෑ. (පි. 330)

නක්ක

√ චු. නාසනෙ, නැසීමෙහි, නක්කෙති, නක්කයති, නසයි.
පු. කිඹුලා, මත්ස්‍යයා. (පි. 330)

නක්ඛ

√ භු. ගතියං, යාමෙහි, නක්ඛති, යෙයි.
√ චු. සම්බන්ධෙ, සම්බන්ධයෙහි, නක්ඛෙති, නක්ඛයති, සම්බන්ධ කෙරෙයි. (පි. 330)

නක්ඛත්ත

න. නැකැත් තාරකා, අශ්වින්‍යාදි නැකත්. (පි. 330)

නක්ඛත්තරාජ

පු. තාරකාවන්ගේ රජා, චන්ද්‍රයා. (පි. 330)