සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 530
ධාවන
න. ගමන, දිවීම, පවිත්‍ර. (පි. 328)
ධාවනී
ඉ. පුස්වැන්න, පොල්පලා. (පි. 328)
ධාවු
√ භු. ගතියං, ගමනෙහි, වැඩීමෙහි, ධාවති, දුවයි විධාවති. (පි. 328)
ධික්ඛ
√ භු. දිත්ති කිලෙස ජීවනෙසු, දීප්තිය කිළුටුවීමය, ජීවත්වීමය, යන මෙහි. (පි. 329)
ධික්ඛති
ක්‍රි. √ භු. ධික්ඛ, (කිලෙසෙ, කිලිටුවීමෙහි +ති) කිළුටුවෙයි. (පි. 329)
ධික්ඛිත
ති. බැබලුණු, කිළුටුවුණු, ජීවත්වුණු. (පි. 329)
ධිති
ඉ. ධෛර්ය්ය, දැරීම, ධාරණ ප්‍රඥාව. (පි. 329)
ධිතිමන්තු
පු. වීර්ය ඇත්තා, ප්‍රාඥයා. (පි. 329)
ධිම්භ
√ භු. ධිම්භ, නිද්ඪුභනෙ, කාරාදැමීමෙහි. (පි. 329)
ධිම්භති
√ භු. කාරාදමයි. (පි. 329)
ධිවි
√ භු. දිත්තියං, බැබලීමෙහි. (පි. 329)
ධිවු
√ භු. පරිච්චාගෙ, පරිත්‍යාගයෙහි, ධිබ්භති, පරිත්‍යාගකරයි. (පි. 329)
ධී
√ භු. අනාදරෙ, අනාදරයෙහි, ධීයතෙ, අනාදරකෙරෙයි.
අ. ගර්හාවෙහි, නින්දාවෙහි, බියගැන්වීමෙහි.
ඉ. ප්‍රඥාව. (පි. 329)
ධීතු
ඉ. දුහිතෘ, දූ, දුවණිය. (පි. 329)
ධීතුපති
පු. දුවගේ සැමියා, බෑනා. (පි. 329)
ධීමන්තු
පු. ප්‍රාඥයා, පණ්ඩිතයා. (පි. 329)
ධීර
පු. ප්‍රාඥයා, වීරයා, කොකුම්. (පි. 329)
ධීරත්ත
න. ධෛර්යබව. (පි. 329)
ධීරසම්මත
පු. පණ්ඩිත සම්මත. (පි. 329)
ධීවර
පු. කෙවුලා, කෙවට්ටයා. (පි. 329)
ධු
√ භු. ගමනෙ, ගමනෙහි, ධුවති, යෙයි.
√ භු. චලනෙ, සැළීමෙහි, ධුවති, සැලෙයි, චලනය කරයි.
√ කි. චලනෙ, සෙලවීමෙහි, ධුනාති, සොලවයි, කම්පාකරයි.
√ චු. කම්පනෙ, කම්පාවීමෙහි, ධාවෙති, ධාවයති, කම්පාකරයි. (පි. 329)
ධුත
ති. කම්පා කරන ලද, සැලෙන ලද. (පි. 329)
ධුතඞ්ග
න. කෙලෙස් කම්පාකරන වෘත විශේෂය, තෙරස ධුතාඞ්ග බලනු. (පි. 329)
ධුතවාද
පු. කෙලෙස්, ධුතාඞ්ග. (පි. 329)