සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 535

නන්දා

ඉ. ශක්‍රයාගේ පොකුණ, එම දෙවඟන. (පි. 331)

නන්දි

ති. වරපට, සොණ.
ඉ. තෘෂ්ණාව, තණ්හාව, යොත. (පි. 331)

නන්දිමුඛීරතති

ඉ. අලුයම් කාලයෙහි රාත්‍රිය. (පි. 331)

නන්දියාවට්ට

පු. කපුටු ගඳ. (පි. 331)

නන්දු

අ. විරොධ ප්‍රකාශ, ප්‍රශ්න, අනුඥා, නැලවිල්ල, ආමන්ත්‍රනාදියෙහි. (පි. 331)

නන්ධ

√ තු - බන්ධනෙ, වැළඳගැන්මෙහි, නන්ධති, වැළඳගණී. (පි. 331)

නන්ධති

ක්‍රි. (නන්ධ+ති) වැළඳගණී. (පි. 331)

නන්ධී

න. බැඳීම. (පි. 331)

නපුංසක

පු. පණ්ඩකයා, නපුංසකයා, ස්ත්‍රී පුරුෂ භාවයෙන් තොරවූ තැනැත්තා (පි. 331)

නභ

න. අහස. (පි. 331)

නභස

න. අහස, අවකාශය. (පි. 331)

නභොසද

පු. දෙවියා. (පි. 331)

නම

√ භු. පහුත්තෙචසද්දෙච, නමස්කාරයෙහි හා ශබ්දයෙහි, නමති, නමස්කාර කෙරෙයි, ශබ්දකෙරෙයි. (පි. 331)

නමක්කාර

පු. වන්දනාව, නමස්කාරය. (පි. 331)

නමතක

න. සැත දවටන රෙදිකඩ, එළු ලොමින් කල වස්ත්‍ර විශේෂයක්. (පි. 331)

නමති

ක්‍රි. (නම+ති) නමස්කාර කරයි, නැමෙයි. (පි. 332)

නමන

න. නැමීම. (පි. 332)

නමස්ස

√ භු. වන්දනෙ, වැඳීමෙහි, නමස්සති, වඳියි. (පි. 331)

නමස්සති

ක්‍රි. (√ භු. නම, පහුත්තෙ, ගෞරව කිරීමෙහි +ස්සති) (නමස්ස+ති) නමස්කාර කෙරෙයි. (පි. 332)

නමස්සන

න. නමස්කාරය, වැඳීම. (පි. 332)

නමස්සිය

ක්‍රි. නමස්කාර කොට. (පි. 332)

නම්මදා

ඉ. එනම් ගඟ. (පි. 332)

නමිත

පු. නමස්කාර කළ, නැමුණු. (පි. 332)

නමු

√ භු. නමනෙ, නැමීමෙහි, නමති, නමයි. (පි. 332)