සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 536

නමුචි

පු. වසවර්තිමාරයා. (පි. 332)

නමුචිසුදන

පු. ශක්‍රයා. (පි. 332)

නමො

අ. ප්‍රණාමයෙහි, නමස්කාරයෙහි. (පි. 332)

නය

√ භු. ගතියං, ගමනෙහි, නයති, යෙයි, පමුණුවයි.
පු. යුක්තිය, ක්‍රමය. (පි. 332)

නය සහස්ස

න. ක්‍රම දහස. (පි. 332)

නයන

න. ඇස, නේත්‍රය. (පි. 332)

නයනාමය

පු. නේත්‍ර රෝගය. (පි. 332)

නයනායුධ

න. යම රජුගේ ආයුධය, යම රජුගේ ඇස. (පි. 332)

නය්හති

ක්‍රි. (√ දි. නහ - බන්ධනෙ, බැඳීමෙහි +ති) බඳියි. (පි. 332)

නය්හන

න. ගැට ගැසීම, බැඳීම, බැඳුම්. (පි. 332)

නයුත

න. දස දහස, නහුතය. (පි. 332)

නර

පු. මනුෂ්‍යයා.
√ භු. පාපුණනෙ, පැමිණීමෙහි, නරති, පැමිණෙයි. (පි. 332)

නරක

න. නරකය, නිරය. (පි. 332)

නරක හෙද

පු. නරක විශෙ‍ෂ. (පි. 332)

නරදෙව

පු. රජ, දිව්‍ය පුත්‍ර. (පි. 332)

නරනාරී

ඉ. පුරුෂ, ස්ත්‍රී. (පි. 332)

නරමර

පු. මනුෂ්‍ය, දේව. (පි. 332)

නරවර

පු. නරෝත්තමයා, බුදුරජ. (පි. 332)

නරවාහන

පු. වෛශ්‍රවණ වරම් රජ. (පි. 332)

නරසාරථී

පු. බුදු රජ. (පි. 332)

නරසීහ

පු. බුදු රජ. (පි. 332)

නරාධිප

පු. රජ. (පි. 332)

නරාසභ

පු. නරශ්‍රේෂ‍්ඨයා, බුදු රජ. (පි. 332)

නල

න. බට, කුලල්බට. (පි. 332)